නේපාල තරුණියක් රවටා මුදල් වංචාකළ තරුණයා තවමත් නිදැල්ලේ??

0
505

රැකියා වීසා මත ලංකාවට පැමිණි නේපාල ජාතික කාන්තාවක් මෙරට ප්‍රිසිද්ධ කැසිනෝ සමාගමක් වන බේලීස් කැසිනෝ සමාගමේ සේවය කරන විට ඇය සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන  ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු , තමන්ට සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් දෙහිවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ. මෙම පැමිණිල්ලට අනුව ඇය කියා සිටින්නේ ගම්පහා පදිංචි ආරච්චිලාගේ දිනුක දේශාන් නමැති පුද්ගලයා 2020 වසරේ තමන් කොල්ලුපිටියේ බේලිස් කැසිනෝ සමාගමේ සේවය කරන කාලයේ  මෙම ආයතනයේ සේවය කළ බවයි. පැමිණිලිකාරිය වන  නේපාල ජාතික මිනා මගර් (29) පවසන්න් ඔහු තමාට විවාහ පොරොන්දු ලබාදී තමන් සමග සමිප ඇසුරක් පවත්වාගෙන ගිය බවත්,  ඒ කාලය තුළ දිනුක දේශාන් නමැති තරුණයා තමන් විවාහකරගන්නා බවට පොරොන්දුවි සමිප ඇසුරක් පැවත්වූ නිසා ඔහුට වරින් වර තමන් සතුව තිබූ මුදල්, හා රත්තන් බඩු ලබාදුන් බවයි. මුදලින් රැ ලක්ෂ 4කට අධික මුදලක් හා රත්තරන් බ්‍රෙස්ලට් එකක් හා පවුම් 3ක රත්තරන් මාලයක්ද ලබාදුන්  බව ඇය දෙහිවල පොලීසියට කරන ලද පැමිණිල්ලේ සදහන් කර තිබේ. 
2023 වසරේ දි මුල් භාගයේදී මේ පුද්ගලයා ඇය සමඟ පැවති සම්බන්ධය අතහැර තමන්ව මගහරිමින් සිටින අතර ඔහු මේ වනවිට බේලිස් කැසිනෝ සමාගමේ සේවයෙන් ඉවත්වි වෙනත් රැකියාවක නිරත වන බව පවසන මෙම පැමිනිිලිකාරිය මේ වනවිට තමන්ට ලැබීමට නියමිත මුදල් හා රත්තරන් බඩු සම්බන්ධයෙන් පොලිසියට පැමිනිලි කර තිබේ. දෙහිවල  පොලීසිය මේ සම්බන්ධයෙන් මේ වනතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර වනවිට මෙම නේපාල ජාතික කාන්තාව සිය මව්රට බලාගොස් සිටියි.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් මෙරට  පුරවැසියන් විසින් රැවටීමට මෙන්ම අපචාරයට ලක්කරන අවස්ථා ඕනෑ තරම් ඇති අතර සමහර විට විදේශිකයින්ට ජිවිතයෙන් පවා වන්දි ගෙවිමට  සිදුවන අවස්ථාද ඇත. මෙම නේපාල ජාතික මිනා මගර් සිය පැමිණිල්ල පොලිසියට ඉදිරිපත් කර ඇත්තේ විදේශීය රටකදී තමන්ට සිදුවූ මෙම විපත දැනුම්දිමට වෙන  කිසිවක් නොමැති නිසා වන්නට ඇත. නමුත් ඇයට වංචාකළ ආරචච්චිලාගේ දිනුක දේශාන් නමැත්තා තාමත් දඩුවමක් නොමැතිව නිදැල්ලේ පසුවෙයි. ඒ මදිවාට මෙම කාන්තාවට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස සිදුකළ බවට ද ඇය චෝදනා කරයි.