නේවාසික රෝගින් බලාගැනිමට මීගමුව රෝහලට එන උපස්ථායක ආයතනය වල අයගෙන් ගැටළු රැසක් !

0
508

NGB hospitalමීගමුව රෝහලේ විවිධ වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන ඇතැම් රෝගින්ව බලාගැනිම සදහා ඒ පවුල් වල අය මුදල් ගෙවා රෝහලට අවටම ඇති ඇතැම් උපස්ථායක සේවා ආයතන වලින් උපස්ථායකන් ලබාගනිති.මෙසේ පැමිණෙන අයට රෝහල් වාට්ටු වල ප්‍රධානින් විසින් දැනුම් දිම ඇත්තේ රෝගින් ලග සිටිමට පැමිණෙන්නේ නම් විශාල බැග් රැගෙන නොඑන ලෙසය.
තතු එසේ වුවද මේ කිමට අවනත නොවන ඇතැමුන් ඒ නියෝග කඩකරමින් කටයුතු කරති.
පසුගිය දිනක මිගමුව රෝහලේ 3 වන වාට්ටුවේ ප්‍රධාන හෙද සොහොයුරියට මේ එක් උපස්ථායිකාවට යළිත් වරක් මේ නියෝගය ගැන කියා දිමට  යාමේදි කිසියම් ආරවුලක් මතුව තිබුණි.
ඒ අදාල රෝගියාගේ පවුලේ අයගෙනි.
කෙසේ වෙතත් රෝගින්ගේ පවුල් වල අය මෙන්ම උපස්ථායක සේවා ආයතනවල ප්‍රධානින්ද අනිවාර්යෙන්ම මේ වාට්ටුවල ඇති නියෝග පිළිපැදිමට කටයුතු කළ යුතුව තිබේ.