නේවි කපිලගේ ඝාතනය සිදුකර ඇත්තේ මොට අවියකින් – පිහි ඇණුම් පහර කීපයක් සිරුරේ

0
153
SAM_0047
ඡායාරූප – ප්‍රියප්‍රේම මාණික්කරත්න

පසුගිය මාර්තු 11 වනදා  දංකොටුව – බුජ්ජම්පල  ප්‍රෙද්ශයේ සිදුවූ  පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව  පශ්චාත් මරණ පරීක්ෂණයක් ( මාර්තු 14 ) අද මීගමුව  අධිකරණ වෛද්‍යවරයා විසින්  සිදුකරන ලදී. මෙහිදී එක් සිරුරක් නේවි කපිල නැමැත්තාගේ බවට ඔහුගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇත. ශල්‍යකර්මයක් සඳහා   ඔහුගේ වම් පාදයට  බද්ධ කර තිබූ  ඇලුමිනියම් කැබැල්ලක් සහ ඔහුගේ ගෙලේ එල්ලා තිබුණ  මැණික් ගල් දෙකක් ඇල්ලූ පෙන්ඩන් එක මඟින් මෙම පුද්ගලයා නේවි කපිල බවට ඔහුගේ බිරිද විසින් හඳුනාගෙන තිබේ.  පිළිස්සුණ මළ සිරුර  සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව  මොට ආයුධයකින් ඔහුගේ හිසට දරණු ලෙස පහරදීමක් සිදුකර ඇති බවටත්  මියගිය පසු පිහි ඇනුම් පහර කිපයක් බෙල්ලට,පපුවට සහ බඩට සිදුකර ඇති බවටත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වී තිබේ.  මීගමුව රෝහලේදී සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෙම නේවි කපිල නැමැත්තාගේ දේහය අධිකරණ නියෝගයක් මගින් ඥාතීන්ට බාරගැනීමට අවසර දී තිබේ.

muder

ඡායාරෑප – ප්‍රියප්‍රේම මාණික්කරත්න