වැඩි පොලි මුදලක් ලබාදෙන බවට ප්‍රකාශ කරමින් පාරිභෝගිකයන් සිය ගණනකගේ කෝටි ගණනක මුදලක් වංචා කල බව පවසමින් නේෂන් ලංකා ෆයිනෑන්ස් සහ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මනට් යන මූල්‍ය ආයතනවල සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂකවරුන් 10 දෙනෙකුට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි.
ඒ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් මිගමුව, මහේස්ත්‍රාත් අධිකරණයේදී එහි දෙවන නඩු වාරය 07 වැනි දින (07/04/2025) පස්වරුවේදී විභාගයට ගැනුනු අතර මෙම මුදල් වංචාව පිළිබඳව මීගමුව මුලස්ථාන පොලිස් ස්ථානය වෙත ප්‍රථමයෙන්ම පැමිණිලි කල මෙම මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ, පැමිණිලිකරුවන් 17 දෙනෙකුට ඔවුන් තැන්පත් කළ මුළු මුදලම වාරික 03 කදී ගෙවා දැමීමමට කැමැත්ත පළ කර තිබේ . ඒ අනුව වාරික 03 ක් යටතේ මීගමු මූලස්ථාන පොලිසියට මේ මුදල් වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කළ පළමු තැන්පත්කරුවන් 17 දෙනාට රුපියල් 14 කෝටි, 70 ලක්ෂයක පමණ මුදලක් (මිලියන 147) මෙලෙස වාරික 03 ක් යටතේ ගෙවා නිම කිරීමට සිංහ කැපිටල් ඉන්වෙස්ට්මනට් නැමැති මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයා කැමැත්ත පළ කර ඇත.
ඒ අනුව මෙහි පළමු වාරිකය ලෙස තැන්පත් කළ මුළු මුදලින් 25% මුදලක් මේ මස 21 (04/21) දින ද , එහි දෙවන වාරිකය ලෙස තවත් 50% ක මුදලක් මේ මස 28 වෙනි (04/28) දින ද ඉතිරි 25% ක මුදල එළඹෙන මැයි 26 වෙනි (05/26) දින ගෙවීමට මහේස්ත්‍රාත් අධිකරණයේදී කැමැත්ත පළ කර තිබේ. එම තීරණය පිළිබඳව එදින අධිකරණයෙහි පෙනී නොසිටි සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂකවරයා වූ සුගත් වසන්ත කුමාර නමැත්තා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ජානක අබේසේකර මහතා විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.
එලෙසම මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය මාර්තු 27 වැනි දින සිට අප්‍රේල් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නේෂන් ලංකා ආයතනයේ කෝසල සුරංග නමැති අධ්‍යක්ෂවරයාව ලක්ෂ 100 බැගින් එනම් රුපියල් කෝටිය බැගින් වන ශරීර ඇප 02 යටතේ මුදා හැරීමටද අධිකරණය විසින් නියෝග කරන ලදී.
නොතීසි නිකුත් කළ නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනකු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටි අතර සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ආයතනය වෙනුවෙන් නීතිඥ ජානක අබේසේකර මහතා පෙනී සිටියේය.
එලෙසම මුදල් තැන්පත් කල අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ඉන්දික සිල්වා මහතා, නීතිඥ ප්‍රීමාල් අමරසිංහ මහතා, නීතිඥ මහින්ද සුගතදාස මහතා සහ නීතිඥ සාලින්ද කුරියන් මහතා පෙනී සිටි අතර මෙහි ඊළඟ නඩු වාරය මේ මස 21දින (04/21) පැවැත්වීමට නියමිතව ඇත.