නොනවතින කැස්බෑ දඩයම…..?

0
182

tmp_19712-received_101548240951860141499474824තවත් කැස්බෑවෙක් මැරිලා
මියගිය කැස්බෑවන්ගේ සිරුරු වෙරළට ගොඩ ගැසීම දැන් තලාහේන වෙරල තිරයේ සුලභ දසුනක් බවට පත්වී ඇත.
මේ පිලිබදව මීපුර දිගින් දිගටම වාර්තා කලත් වගකිව යුත්තෝ ඒගැන කිසිම පියවරක් ගන්නා බවක් නම් පෙනෙන්නට නැත.
1979 තිරගතවූ ධර්මසේන පතිරාජගේ “බබරු ඇවිත්” සිනමා පටයට කැස්බෑවකු මරණ දර්ශනයක් ඇතුලත් කර තිබු අතර එම දර්ශනය රැගුම් පාලක මණ්ඩලය විසින් කපාදමන ලදී. මක්නිසාදයත් ඒකාලයේ ද මෙය නීති විරෝධී ක්‍රියාවකි.
ධීවරයෝ කැස්බෑවන් මර මස් කර විකුනන්නේ උන් තමන්ගේ දැල් වලට අසුවන නිසාය. බොහෝවිට එසේ අසුවන කැස්බෑවන්ව ධීවරයෝ තමන්ගේ බෝට්ටුවල ගොඩ කරගන්නේ නැත . එය නීතිවිරෝධී බව ඔවුන් හොදින් දනිති. එහෙත් ඔවුන් කැස්බෑවාව තම දැලින් මුදා හරින්නේද නැත. මක්නිසාදයත් උන්ගේ මස් කන්නට සුදානමින් පිරිසක් සිටින බව ඔවුන් දනිති. එබැවින් තද කබායකින් බදින කැස්බෑවා බෝට්ටුවෙන් ගොඩබිමට ඇදගෙන ඒමට ඔවුන් කටයුතු කරයි. මෙසේ ඇදගෙන එනවිට බොහෝ කැස්බෑවන් මියයන අතර එවිට ඔවුන් මියගිය කැස්බෑවා නැවත මුහුදට විසිකරති. එවිට සිදුවන්නේ කටටත් නැති – බඩටත් නැති දෙයකි.
වසර 300 අධික කාලයක් ජීවත් වන මුහුදු ජීවියකු මෙසේ නිරපරාදේ ඝාතනය කිරීම සැබවින්ම දඩුවම් දියයුතු වරදකි.
එහෙත් එම වරද දිගින් දිගටම සිදුවනේ. මේ ගැන කටයුතු ආයතන හෝ රාජ්‍ය නිලධාරින් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන නිසාය.
පරිසරය රැකෙන්නේ පරිසරයේ සිටිය යුතු ජීවින් රැකෙන විට පමණි. කැස්බාවා මුහුදේ සිටය යුතුම ජිවියකි මක්නිසාදයත් මුහුදේ පරිසරය තුලනය කිරීමට ඌ සුවිශේෂී දායකත්වයක් දෙයි.
අශාණෝ