මැල්කම් කාදිනල් රන්ජිත් හිමිට නෝබල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය අමීර් අලී නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් අවැසි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටි.
. “පාස්කු ඉරුදින සිදුවූ මිලේච්ඡ ක්රියාවේ පිටුපස රටතුළ විශාල ජාතිවාදී කොලාහල සිදුවීමේ වාතාවරණයක් තිබුණි . එවැනි අර්බුදකාරී තත්ත්වයෙන් තම ජනයාගේ ජිවිත අහිමිවීම් දරාගෙන සාමය රැකීමට දිගින් දිගටම තම ජනයාට කරන ලද ඉල්ලීම නිසා මෙම රටේ සිදුවීමට තිබු ජාතීවාදී කලබල නතරවුණි.
එවැනි අවස්ථාවක කතෝලික ජනතාව තම පාලනය යටතට රැගෙන සාමයෙන් හා සමාදානය ඇති කරලීමට කැපවූ කිදිනල් හිමියන්ට මුළුමහත් මුස්ලිම් සමාජය පමණක් නොව මුළුරටම ගෞරව කිරීමට බැදී ඇත.” යන්න එකි නිවේදනයේ සදහන්ය .