නොමිලේ පැවැත්වෙන යෞවන මානව හිමිකම් කඳවුරකට ඉල්ලුම් කරන්න

0
68
තරුණ පිරිස් තුළ මානව හිමිකම් පිළිබදව සංවේදීතාවයක් ඇති කර, මානව හිමිකම් සංස්කෘතියක් රට තුළ ගොඩ නැගීම අරමුණු කරගනිමින්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  විසින් සංවිධානය කරන  යොවුන් කදවුරක් සදහා අයදුම්පත් කැදවා තිබේ.

“කොවිඩ් -19 බලපෑම හා තරුණ ප්‍රජාව මුහුණදෙන ගැටලු “මැයෙන් පැවැත්වෙන මෙම කදවුර සදහා දිස්ත්‍රික්ක 25 ම ඉලක්ක කරගනිමින් තරුණ තරුණියන් සම්බන්ධකරගනු ලබන බව එම කොමිසම නිවේදනය කර ඇත.

කොවිඩ් -19 වසංගත තත්වය හේතුවෙන් මෙම වසරේ තරුණ කදවුර අන්තර්ජාල වෙබ් සම්මන්ත්‍රණ ක්‍රියාකාරකම් හා දින දෙකක නේවාසික කදවුරකින් සමන්විත වේ.

විවිධ ජාතික හා ආගමික කණ්ඩායම්, අනෙක් කණ්ඩායම් ලෙස, තෙළිගු භාෂාව කතාකරන ජන කණ්ඩායම්, අප්‍රිකානු සම්භවයක් සහිත ජන කණ්ඩායම්, ආදීවාසී ජන කණ්ඩායම්,වතු ආශ්‍රිත ජන කොටස්, ආබාධිත පුද්ගලයන් හා භුගෝලීය වශයෙන් හුදකලා වු ප්‍රදේශවල ජන කොටස් නියෝජනය වන අයුරින් යොවුන් කදවුර සදහා තරුණ තරුණියන් තෝරාගන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩි දුරටත් දන්වා සිටී.

සියලුම අයදුම්කරුවන් වයස අවුරුදු 18-29 ත් අතර විය යුතු සේම සිංහල, දමිළ හෝ ඉංශ්‍රීසි යන භාෂාවන්ගෙන් එකකින් සන්නිවේදනය කිරීමේ හැකියාව තිබිය යුතුය.

කදවුර පවත්වන කාල සීමාව තුළ සියලුම නේවාසික පහසුකම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සපයන අතර ඒ සදහා සියලු වියදම්ද මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ම දරන බව එම කොමිසම වැඩි දුරටත් සදහන් කරයි.

”කදවුර පවත්වන කාල සීමාව තුළ සියලුම නේවාසික පහසුකම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සපයන අතර ඒ සදහා සියලු වියදම්ද මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ම දරන බව එම කොමිසම වැඩි දුරටත් සදහන් කරයි.”

අයදුම්පත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වෙබි අඩවියෙන් (www.hrcsl.lk) හෝ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ  ප්‍රාදේශිය කාර්යාලවලින් ලබාගත හැකිය.

අදාල අයදුම්පත් 2020 සැප්තැම්බර් මස  30 දින හෝ එදිනට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශිය කාර්යාලයට හෝ අධ්‍යාපන හා විශේෂ වැඩ සටහන් අංශය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, නො.14, ආර්.ඒ ද මැල් මාවත කොළඹ 4 හෝ youthcamp.hrcsl@gmail.com යන විද්‍යුත් ලිපිනය හරහා ලැබීමට සැලැස්විය හැක.

ඔබට යමිකිසි වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යාපන හා විශේෂ වැඩ සටහන් අංශය දුරකථන අංක 011-2505569 ඔස්සේ අමතන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩි දුරටත් දන්වා  සිටී.