නොවැ 09 වෙනිදා බස්නාහිර ඇඳිරියෙන් නිදහස් වෙයිද ?

0
74
5cda8f83222a5_curfewලබන සදුදා (09) උදෑසන 05.00ට බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමට හැකියාව පවතින බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරන බව දිණමිණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ
නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙන දින 10ක කාලසීමාව තුළදී පීසීආර් පරීක්‍ෂණ සිදු කරමින් කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තිය පුද්ගලයින් අතර පැතිරීම අවම කර ගැනීමට උපරිම පියවර ගන්නා බව යුද හමුදාපතිවරයා කියා සිටි බවද එහි වැඩිදුරටත් සදහන්ය
අද(05) උදෑසන හමුදාපතිවරයා පවසා සිටියේ මෙම ක්‍රියාවලිය සදහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි. එසේම වයිරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බැවින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට සූදානම් විය යුතු යැයි ජනාධිපතිතුමාගේ අදහස වී ඇතැයි ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.