නොහික්මුණු රියදුරා ජලකඳට කොටු වෙයි.

0
103

Negombo-News පසුගිය දින 2 පුරා ඇදහැලුන වර්ෂාව හේතවෙන් හලාවත ප්‍රදේශයේද ස්ථාන කිපයක් ජලයෙන් යටවුණ අතර විශේෂයෙන්ම ලුණු ඔය සහ දැදුරු ඔය අතර මහා මාර්ගය හරහා ගලා ගිය  වේගතවත් ජල කඳ හේතුවෙන් ගමනාගමනය මුළු මනින්ම අඩාල වි තිබුණි.

කොළඹ වව්නියාව සහ  යාපනය වැනි දුරගමන් සේවා පුද්ගලික බස්රථ  රියදුරන්ගේ  රියදුරු විනය සම්බන්ධයෙන් පැන නැගෙන  පැමිණිලි දිනපතා වල සත්‍යතාවය මොනවට ඔප්පුකරමින් අංක 87 මාර්ග අංක දරන කොළඹ වව්නියාව බස්රථයක් අද උදේවරුවේ පොලිස් අණද නොතකා ජලකඳ හරහා ධාවනය කිරිමට  ගොස් එහි සිටි සියළු මගින්ගේ ජිවිත බරපතල තර්ජනයට ලක්කර තිබුණි.

ජල කඳ මැද පැය 3 ක් පුරා මේ බස්රථය තිබුණ අතර ඒ ය  බේරා ගැනිමට මහත් පරිශ්‍රමයක් දැරිමට සිදුව තිබුණි.කිසිවෙකුටත් එහි ලංවන්නට නොහැකි පසුබිමක නාවික හමුදා බෝට්ටුවක් එහි පැමිණ තිබුනද ජල පහරේ වේගය නිසා මෙකි නාවික බෝට්ටුවද දෙකට වු බව ඇසින් දුටුවෝ පවසා සිටියහ.

මේසා විශාල ව්‍යවසන තත්වයක් ගැන තේරුම් ගැනිමට තරම් විනයක් නොමැති වු මේ රියදුරා එදිනෙදා මහපාරේ මේ බස්වලින් දමන චණ්ඩි පාට් මේ ජලකඳට දමන්නට ගොස් හොඳ පාඩමක් අද ඉගෙන  ගත්තා යැයි ඒ අසලට රැස්ව සිටි ජනයා පවසා සිටි අතර  ඔවුන් පොලිසියෙන් ඉල්ලා ඇත්තේ මෙි රියදුරා සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගන්නා ලෙසය.

ජායාරූප සහ විස්තරය -ප්‍රසාද් පුර්ණිමාල්