නොහික්මුන ටිපර් රථ රියදුරෙකු නිසා දැරියකට දිවි අහිමි වෙයි

0
241

IMG 20220318 WA0043IMG 20220318 WA0022කොළඹ කුරුණෑගල මාර්ගයේ හිරලුගෙදර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් මිය ගොස් ඇති බව කොටදෙණියාව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දිවුලපිටිය පින්නලන්ද ලිපිනයේ පදිංචිව සිටි දුල්සි දිල්හාරා සත්සරණි නැමති(16) පාසල් සිසුවියකි.

ඊයේ(17) වැනිදා යතුරු පැදියෙන් සිය මව කජු විකිනීමට ගොස් ආපසු යමින් සිටියදී පසු පසින් වේගයෙන් පැමිණි ටිපර් රථයක් යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

IMG 20220318 WA0031

අනතුරින් බරපතල තුවාල ලත් දියණිය එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

යතුරු පැදිය පදවා ඇත්තේ දියණියගේ මව වන අතර මව සුළු තුවාල ලබා ඇත.

මිය ගිය දැරියගේ මෘත ශරීරය දිවුලපිටිය දිසා රෝහලේ මෘත ශරීරාගරයේ තැම්පත් කර ඇත.

ටිපර් රථයේ රියදුරු කොටදෙණියාව පොලීසිය විසින් ඇත් අඩංගුවට ගෙන ඇත.

කොටදෙණියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි…..

ඡායා සහ සටහන -මිනුවන්ගොඩ දමිත් තිසර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here