නෝට්ටුව හදවතක් කළ තරුණයා ජය ගනී

0
164

චීනයේ තරුණයෙකුගේ අපූරු පුරුද්දක් නිසා වාහනයක් මිළදී ගැනීමට හැකි වූ ඉතා සංවේදී පුවතක් පසුගියදා වාර්තා විය. ඒ පුරුද්ද වන්නේ, සැමදාම චීන යුවාන් 11ක මුදල් නෝට්ටු යොදා ගෙන හදවතක් නිරූපනය වන ලෙස අපූරු නිර්මාණයක් සිදු කර මුදල් ඉතිරි කිරීමය. ඔහු මෙම හදවත් නිර්මාණ කර ඇත්තේ, සිය බිරිඳ වෙනුවෙනි. වාහන අළෙවිය සිදු කරන මධ්‍යස්ථානයේ සේවක සේවිකාවන් ඉතා ප්‍රවේශමෙන් එම මුදල් ගණන් කිරීමට එක් වූහ. මොහුගේ හැසිරීම සිය බිරිඳගේ පමණක් නොව, එම සේවක සේවිකාවන්ගේ ද සංවේගයට හේතු විය. කෙසේ වුවත්, සැමදාම සුළු ප්‍රමාණයෙන් වුවද මුදලක් ඉතිරි කර, ටික කාලයකට පසුව එම මුදල සෑහීමකට පත්විය හැකි මුදල් ඉතිරියක් විය හැකි බවට, මේ සිදුවීම හොඳ සාක්ෂියක් වේ.22045951_1493665157369386_4613572761106878438_n

උපුටාගැනීම /https://www.facebook.com/crisrilanka