නෝනා අකමැති නිසා මීගමුවේ one way රථ වාහන සැලැස්මට එරෙහිව කැරැල්ලක් ?

0
126

( 7.00 am )මීගමුවේ පැරණි ව්‍යාපාරිකයක්ගේ නෝනා කිව්වලු ඇද්ද ඔයාල ඔය රැස්විම් වලට ගිහින් සාකච්ජා කරල one way එකක් දාගත්ත. දැන් කෝ අපේ කඩේට බිස්නස් …..
එදා ඉදන් මේ ව්‍යාපාරිකයා කල්පනා කරන්නේ තමන්ගේ කඩේට බිස්නස් නැත්තේ one way එක හින්ද කියල .
මීගමුව කියන්නේ බස්නාහිර පළාතේ වේගයෙන්ම ඉදිරියට යන ව්‍යාපාරික නගරය.නගර මැද තියෙන ලොකුම අඩුපාඩුව තමයි රථගාලක් නැති කම.
අගේට ක්‍රියාත්මක වෙච්ච රථවාහන සැලැස්ම නිසා one way තිබුණ පාරවල් වල පේලි 2 කකට වාහන ගාල් කරන එකත් අපුරුවටම කෙරුණා.
දැන් සේරම අවුල් .
වාහන දෙපැත්තටම ගමන් කරන අස්සේ දෙපැත්තෙම වාහනත් නවත්තලා ලොකු වාහන තදබදයක් නිර්මාණය වෙලා.
නෝනා අකමැති නිසා one way  අයින් කරන්න ලියන අප්පුලව කිට්ටුකරන් අර ව්‍යාපාරික මහත්තයා කරපු කඩප්පුලි වැඩේ නිසා මිගමුවේ ව්‍යාපාරික නගරය දැන් මේ දවස්වල අන්ඩබජල් වෙලා .
කෝකටත් පෙත්සම් ජිවිතය කරගත් ලියන අප්පුලා මේ විනාශයට පැහැදිලිව වගකිව යුතුව තිබේ.
සම-හරක් ව්‍යාපාරිකයන්ගේ කඩවල් වල දැන් බඩු විකිණෙන්නේ නැත්තේ ඒයාලාගේ  බිස්නස් ක්‍රම පරණ හින්ද
හෙට ගැලපෙන විදියට මීගමුවේ අද කඩයක් කරන්න බැරිනම් බිස්නස් අඩුවෙනවා .
ඒක ෂුවර් ..
නැතුව මේ one way දැම්ම හින්ද නම් නෙමේ
මේ වගේ පරණ විදියට හිතන කට්ටිය හින්ද මීගමුවට පිළිවෙල ගේන්න හරිම ආමාරුයි
හැබැයි මෙයාල එකක් දැනගන්න ඕනේ ..
මෙයාලාම තමයි මිට අවුරුදු ගානකට ඉස්සරවෙලා මීගමුවට one way සැලැස්මක් අල්විස් කියන ටුැපික් ඕ.අයි.සි මහත්තයෙක් හදුන්වා දුන්න වෙලාවේ  ඒ කාලේ නගරාධිපතිවෙලා හිටපු නිමල් ලංසා ලවා කඩාකප්පල් කරල දැම්මේ.
ඒ හින්ද මිගමුවට වින කරන නපුරු කුඩම්මලා සහ බාප්පලි හින්ද එදා ඉදන්ම කෙළවුණා
දැන් මල්ලිව අල්ලගෙන ආයෙත් මේක අවුල්  කරන්න යනවා

මීගමුවට මුලින් රථවාහන සැලැස්මක් හදුන්වා දිපු මුලස්ථාන පොලිස් පරික්ෂක අල්විස් මහතා
මීගමුවට මුලින් රථවාහන සැලැස්මක් හදුන්වා දිපු මුලස්ථාන පොලිස් පරික්ෂක අල්විස් මහතා
HQI samanthilaka.jpg
හිටපු මුලස්ථාන පරික්ෂක සමන්තිලක මහතා

මීගමුවට දැන් පිළිවෙල අවශ්‍යයයි ..
ටයි බෙල්ලේ බදින මහත්තුරුන්ට ඒක කරන්න බැරි බව ඔප්පුවෙලා ඉවරයි
එහෙම තියෙන කොට තමයි යන්තම් මේ පොලිසියේ මහත්තුරු එකතුවෙලා ටිකක් පිළිවෙල කරගෙන එන්නේ
ඒ කටයුත්තෙදි මිගමුවේ හිටපු මුලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක මීගමුවට කරපු එක් සාර්ථක කටයුත්තක් තමයි විධිමත් රථවාහන සැලැස්මක් හදුන්වල දුන්න එක.ඒ වෙනුවෙන් සමන්තිලක මහත්තයා අවංකව මහන්සි වුණා.
හෙටට ගැලපෙන නගරයක් ගැන ඇත්ත හැගිමක් ඇති ටික දෙනෙක් සමන්තිලක මහත්තයාටත් රථ වාහන අංශයේ ප්‍රධානි ගජනායක මහත්තයටත් උදව් කළා.
මේ හින්ද මිගමුව තුල ඉතිහාසයේ පළවෙනි වතාවට අති සාර්ථක රථවාහන සැලැස්මක් වසර 3 ක් තිස්සේ ක්‍රියාත්මක වුණා.
මේ හින්ද රථ ගාලක් නැති මිගමුවට නගරයට එන අයට රථ නවත්වන්න ඉඩක් හැදුනා.ඒ විතරක් නෙමේ හොරකම් කරල  පණින්න බැරි වෙන හින්ද  මිගමුවට මේ රථවාහන සැලැස්ම නිසා තවත් ආරක්ෂාවක් සැපයුනා. මොකද හොරකමක් කරල කැමැති පාරකින් දාල යන්න බැරිවෙච්ච හින්ද .
නමුත් මේක දැන් ආපහු විනාශ කරන්න පිරිසක් වලිකනවා.
ගැටළුව තියෙන්නේ පිසසෝ කලබල වුනාට දොස්තරල කලබල වෙන්න හොද නැති වුණත් මිගමුවෙදි පිස්සෝයි දොස්තරලයි දගෛාල්ලොම කලබල වෙනව.
ඒ හින්ද කෙලෙවෙන්නෙ මිගමුවට .
මීගමුවෙ කියන්නේ බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණු වෙන වානිජ නගරය.
ඒකට පිළිවෙල අවශ්‍යයි
ටයි බදින පාලකයෝ හිටියට වැඩක් නැ එයාලගෙ ඇග ඩිජිටල් ඔළුව කචල් ,
ඒහින්ද මිගමුව දැන් විනාශය කරා යන්න පටන් අරන්
.,ඒ හින්ද මීගමුවට ඇත්තටම ආදරේ තියෙන අය දැන් ඉස්සරහට එන්න ඕනේ…
මිගමුව නගරය අවුල් වෙන්න දුන්න කාලය දැන් හොදටම ඇති සැප්තැම්බර් මාසේ ඉදන් මිගමුව නගරයට පිළිවෙල ගේනන පටන් ගමු.
හෙටට ගැලපෙන විදියට හිතන පතන හැමෝටම අපි ආරධනා කරනවා  එන්න අපි මිගමුව වෙනස් කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here