පකිස්ථාන සරණාගතයන්ට මීගමු පොලිසියේ රැකවරණය !

0
71

NGB 112මීගමුව  තුළ පසුගිය අප්‍රියෙල් 21 වනදා ඇතිවූ  ඛේදවාචකය  සමඟ  ඊට කලින්  මීගමුවේ   පැවති සාමකාමී  පරිසරය  වෙනස් වූ අතර ආරක්ෂාව සම්බන්ධයෙන්  පොලිසිය හා හමුදාව ක්‍රියාත්මක වීමට අමතරව  සාමාන්‍ය වැසියන්ද   තමන්ගේ ආරක්ෂාව සම්බන්ධව  විවිධාකාරයේ ප්‍රශ්න වලට මුහුණ දී සිටිති.
විවිධ ජාතීන් ජීවත්වන   මීගමුව   නගරයේ මෙම ප්‍රහාරයත් සමග සිවිල් සමාජයේ ඇතිවූ කැලඹීම පාලනය කිරීමට මීගමුව හා කටාන  පොලීසියට මෙන්ම  අවට පොලීසි  වලට විශාල වගකීමක් පැවරිනි.
මේ වනවිට වසර 3ක සිට  මීගමුවේ  ජිවත්වන පාකිස්තාන ජාතික සරණගතයින්    700කට ආසන්න ජනතාවක් මිගමුවේ ජීවත්විය.NGB 111

පසුගිය 21 වනදායින් පසු දින  කීපයක් ගතවූ පසු පකිස්තාන් ජාතිකයින් විසින් කුලියට ගෙන ජීවත්වූ නිවාස වලට අවට ප්‍රදේශවාසීන්ගෙන් විවිධ බලපෑම් එල්ල වූ අතර එහිදී ඔවුන් කුලී පදනම මත ගත් නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන කරා යොමු විය.
සරණගාතයින් සදහා වු එක්සත් ජාතීන්ගේ  මහ කොමිසමේ ආරක්ෂාව  යටතේ රැදි සිටින මෙම පිරිස ආරක්ෂා කිරිමට මීගමුව හා කටාන පොලීසිය කැපවීමෙන් කටයුතු කිරීම අගය කුළ යුතු කරුණකි.
සරණාගතයින් සම්බන්ධව එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තීන්ට එකඟ වී ඇති  ශ්‍රී ලාංකික අප  වසර 30ක යුද්ධයක් පසුකළ රටක් ලෙස සරණාගතවීම ගැන අත්දැකීම් ලැබූ ජාතියකි.
මේ වනවිට මිගමුව පොලීසිය විසින්  විවිධ තර්ජන හා බලපෑම් හේතුවෙන් සිය වාසස්ථාන අතහැර පැමිණ සිටින 150ට වැඩි පිරිසකට ආරක්ෂාව හා  තාවකාලික නවාතැන් සපයමින්  සත්කාරක සේවයක් සිදුකරමින්  සිටී.  මීගමුව පොලීසිය වෙනදා තිබෙන වාතාවරණයට වඩා තරමක කලබලකාරීය.යළිත් ආරක්ෂාව පතා යළිත් පොලිසියට
මෙම සරණාගත ජනතාව අතර කුඩා දරුවන්  50 දෙනෙකු පමණ සිටිති. මොවුන්ගේ  ප්‍රධාන  ආහාර වේල්  සැපයීම පොලීසිය විසින් සිදුකරනු ලබයි. මේ ආකාරයට මෙම 21 වනදා ප්‍රහාරයෙන් විපතට පත් මෙම පකිස්තාන් ජාතික ක්‍රිස්තියාන්  කතෝලික හා මුස්ලිම් භක්තික ප්‍රජාවට මේ මොහොතේ රැකවරණය හා ආරක්ෂාව ලබාදීමේ වගකීම මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සියලූම නිලධාරීන් විසින් සිදුකරමින් සිටිති.
විධිමත් පහසුකම් පිළිබද ගැටළු රැසක් මේ වන විටත් මතුව තිබුණද මේ සරණාගතයන්ට පිහිටවිමට මේ අවස්ථාවේ තින්දුකළ මිගමුවේ පොලිසිය පිළිබද අසරණභාවය පත්ව සිටින පාකිස්ථානු ජනයා අතර ඇත්තේද ඉහල ප්‍රසාදයකි.
මීගමුව පොලිසිය විසින් ඉටුකරන මෙම වගකීම පිලිබදව ඔවුන්ට අපගේ  ප්‍රනාමය පිරිනැමිය යුතු අතර  පෙරියමුල්ලේ අහමදියා මුස්ලිම් දේවස්ථානය හැරෙන්නට  මේ මෙහොතේ  ආගන්තුකයින්ට සැලකීම සම්බන්ධයෙන්  නගරයේ ඇති  තවත්  ආදර්ශමත්  ස්ථානයක්  බවට මීගමුව පොලිස් ස්ථානය  පත්වී තිබිම මෙහිලා විශේෂයෙන්ම සටහන් කළ යුතුව තිබේ.