පච පතුරන ලංකාවේ වෙබ් අඩවියක් ගැන ජේෂ්ඨ මාධ්‍යවේදියෙකුගෙන් බරපතල විවේචනයක් ?

0
80

Screenshot_20200313_114312රට මුහුණ දෙමින් ඇත්තේ දැවැන්ත අර්බුදයකටය.
මේ මොහොතේ සැමගේ අංක එකේ කාර්ය විය යුතුව ඇත්තේ මතුවිය හැකි ව්‍යවසනකාරි තත්වයන් වඩාත් නිසි ලෙසින් කළමණාකරණය කරගැනිම සදහා නිවරදි සාමුහික දායකත්වයක් සැපයිමය.
මෙහිදි මාධ්‍ය වෙත පැවරෙන වගකිම අතිවිශාලය.
ඉනුත් සමාජ මාධ්‍ය වෙබ් මාධ්‍ය වෙත පැවරෙන වගකීම අතිමහත්ය.
තතු එසේව තිබියදි ඇතැම් සමාජ මාධ්‍ය මෙන්ම වෙබ් අඩවිද බොර දියේ මාළු බෑමක නිරත වෙමින් අසත්‍ය පුවත් මවා තමන්ගේ පිටුවේ හිට් වැඩිකරගැනිමේ කාලකණ්නි මෙහෙයුමක නිරතව ඇති බැව් පෙනේ.,
මේ පසුබිම යටතේ gagana.lk වෙබ් අඩවිය කිසිදු සදාචාරාත්මක  නීතියකට  හෝ යටත්ව නොවි අමු පච සමාජ ගත කරන්නට පටන්ගෙන තිබේ.
මේ වන විට  එවැනි පුවත් කිපයක්ම ඔවුන් විසින් පළකර තිබේ.
රටතුල වඩාත් කථාබහට ලක්ව තිබුණ කරුණක් වුයේ ඊයේ දිනයේ මේ වෙබ් අඩවිය විසින් පළකරන්නට ජනයා බිය ගනවන බරපතල අසත්‍ය පුවතක් ගැනය.එනම් දැනට වෛරසය අසාදිතව ඇති තැනැත්තාගේ දරුවාටද කොරෝනා ඇතැයි යන අදහස සහිත සිරස්තල සමගින් පුවතක් පළකර තිබිමය.මෙම වෙබ් අඩවියේ අධම මාධ්‍ය භාවිතාව ගැන  සිය ටුවිටර් ගිණුමේ විවෙචනාත්මක සටහනක් තබන ප්‍රවින මාධ්‍යවේදි සුනන්ද දේශප්‍රිය කියා ඇත්තේ ගගන වෙබ් අඩවිය එක්සත් රාජධානියේ මුල්කොට ගත් Lebara sim card ආයනය විසින් පවත්වාගෙන යනු ලබන්නක් වන අතර එය පවත්වාගෙන යනු ලබන්නේද ප්‍රකට ශ්‍රිලාංකික මාධ්‍යවේදියෙකු බවද කියා ඇත.සුනන්ද දේශප්‍රිය තවදුරටත් අවධාරණය කර ඇත්තේ මෙය සැබැවින්ම ලැජ්ජා සහගත ක්‍රියාවක් බවය.