පණුවන් කොටද්දී බෝම්බයක් හමුවෙලා

0
410

මාළු ඇල්ලීම සදහා පණුවන් ලබා ගැනීමට පුද්ගලයෙකු බිම කොටමින් සිටියදී අත් බෝම්බයක් හමුවී තිබේ.
කටාන ප‍්‍රදේශයේ දාගොන්න වැවේ මාළු ඇල්ලීම සදහා පුද්ගලයෙකු පණුවන් සොයා බිම් කොටමින් සිටියදී ප්ලාස්ටික් උප කරණයක් වැනි භාණ්ඩයක් එම පුද්ගලයාට අසු විමත් සමග ඒ සම්බන්ධයෙන් සැක සිති පොලිසියට කරණ ලද පැමිණිල්ලක් අනුව එම ප‍්‍රදේශය තව දුරටත් පොලීසිය විසින් විමර්ශණයට ලක් කිරිමේදී  ප්ලාස්ටික් බෝතලයක සුරක්ෂිතව අසුරා වලදමා තිබු තවත් අත් බෝම්බයක් පොලිසිය විසින් සොයාගත් බව පොලීසිය සදහන් කරයි.
කිසියම් දරුණු ඝනයේ අපරාධයක් කිරිම සදහා මෙම ස්ථානයට මෙම බෝම්බ වල දමා තිබුනා දැයි  පුළුල් පරික්ෂනයක් ආරම්භ කර ඇති බව කටාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක අබේකෝන් මහතා ප‍්‍රකාශ කළේය.

පි‍්‍රයපේම මානික්ක රත්න 1