පත්තර තට්ටුකාරයෝ ඇත්තටම පත්තර වලට ආදරේද ?

0
399

11021232_10205958951193914_7979260658581930104_nමේ සටහන තබන්නේ මීපුර පුවත්පත අළෙවිකිරීම ප්‍රතික්ෂේප කළ පුවත්පත් අළෙවිකරුවෙකුගෙන් මා ඉගෙන ගත් පාඩමක් ගැන පාඨක ඔබටත් දැනගැනීම පිණිසය
. අද සවස අප කණ්ඩායම මිපුර පෙබරවාරි කලාපය දැමීම සදහා මිගමුව නගරයේ ඇති පත්තර අළෙවිසැල්
(පත්තර තට්ටු ) වෙත ගියෙමු.  පසුගිය පාලන සමයේ ප්‍රාදේශිය දේශපාලකයන්ගේ බියවැද්දිම් නිසා මිපුර පුවත් පත අලෙවි කිරිමට ඇතැම් අයට අපහසුවක්  තිබුණි.
අද අප ගියේ මීපුර පුවත්පත දැමිම ප්‍රතික්ෂේප කරන තට්ටු හිමියන් හමුවී කතා බස් කරන්නටයි.
මීගමුව නගරයේ භූමිතෙල් ෂෙඩ් එක ඉදිරිපිට හා CIB සාප්පුවට දකුණු පසින් ඇති පත්තර සැල් වල  හිමිකරුවා මීපුර ප්‍රතික්ෂේප කළේ එය අළෙවි කරන්නට නොහැකි යැයි කියමිනි. ( මෙම පත්තර තට්ටුව කලින් කරගෙන ගිය අනිල් යනු මීගමුවේ වැඩියෙන්ම මිපුර පුවත්පත අලෙවි කළ කෙනා පමණක් නොව නිමල් ලංසා මෙයට විකිණිම තහනම් කරමින් තර්ජනය කර සිටියදිද හොරෙන් අලෙවි කරන්නට පවා පියවර ගත් එක් තැනකි)
නමුත් එය පිළිගත නොහැකි බැව් මා පවසා සිටි අතර අද සිට හෝ පත්තරය දමා බලන්නැයි මම ඔහුගෙන් ඉල්ලීමක් ද කළෙමි. නමුත් ඔහු කීවේ අප විකුණන්නේ අපට ඕනෑ පත්තර කියායි.
ඔහු ලේක් හවුස් පත්තර හා අනෙකුත් සියලූම පත්තර විකුණන අතර මීපුර විකුණන්ට බෑ කියන හේතුව දේශපාලන හේතුවක් බව අප දනිමු.  ( මෙවර අප පුවත්පතේ සිරස්තල පුවතින් හෙළිකර ඇත්තේ ඇමති ලංසා අල්ලස් කොමිසම මගහරින බව සදහන් පුවතකි.) නමුත් මෙය පාඨකයන්ට සිදුවන අසාධාරණයක් බැවින් මම ඔහු හා  දිගටම වාද කර කියා සිටියේ ” නගරයේ ජනතාව අපෙන් අහනවා මීපුර පුවත්පත ගන්නේ කොහෙන්ද කියලා ” එතකොට අපිට කියන්ඩ වෙනවා පත්තර තට්ටු වලින් ගිහින් ගන්ඩ කියලා” යැයි කීවෙමි. ” ඒත පත්තර තට්ටු කරන ඔයාලා කියනවා පත්තරේ දාන්ඩ බැහැ කියලා, අපි මේක කොහෙද   දාන්නේ යැයි මම පෙරලා ඇසුවෙමි.
ඔහුගේ පිළිතුරේ වෙනසක් නැත. ඔහුගේ අවසාන පිළිතුර තර්ජනයකි.  අප බලාපොරොත්තු වන යහපාලනයක දි නම් ඔහු පත්තර අළෙවිසැල්කරුවෙකුට ගැලපෙන්නේ නැත.
කෙසේ හෝ ඔහු කාගේ හෝ උවමනාවකට මෙය සිදුකරන බව මම වටහා ගතිමි.

අනිත් පැත්තෙන් ඔහු පත්තර විකුණන්නේ ලාභය වෙනුවෙනි. ඔහුට පුවත්පතකින් වන සේවයෙන් වැඩක් නැත.ඔහු පුවත්පත් කලාව ගැන  අබමල් රේණුවක අදහසක් නොමැත.
ඔහු මට කතා කළ ආකාරයේද කිසිම සාධාරණයක්  යහපත් කමක් නැත.  කණගාටුවෙන් වුවද එතනින් ඉවත් ව ආවෙමි.
මේ අප මුහුණ දෙන්නේ ලංකාවේ ප්‍රාදේශීය පුවත්පතක් ලෙස තවමත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොවූ රටක අත්දැකීමකි. නමුත් මෙය අභියෝගයකි. අප කැමති දෙයක් ලියන්නට , මුද්‍රණය කරන්නට මේ රටේ නිදහස හා අවස්ථාව දැන් පෙරට වඩා තිබිය හැක. නමුත් මීපුර පුවත්පත පසුගිය කාලයේ මාධ්‍ය නිදහස ඇහිරී තිබූ සමයක දිගින් දිගටව නගරයේ සිදුවූ අසාධාරණකම්  , නීති විරෝධී සියල්ල නොපැකිලව ලියූවෙමු.
පත්තරයක් ගසා එය අතින් අත අළෙවි කළෙමු. අමාත්‍ය නිමල් ලාන්සාගේ මරණ තර්ජන හමුවේද අපගේ පුවත්පත මුද්‍රණය කිරීම කිසිසේත් නැවත්වූයේ නැත. අප ජනතාවගේ තොරතුරු දැනගැනීම වෙනුවෙන් පෙනී සිටි අතර ඉදිරියට ද එසේමය. නමුත් මීපුර පුවත්පතට බිය පිරිසක් සිටිති. ඔවුන් ගොස් අන් පුවත්පත් සැල්වලට තර්ජනය කරති. බියවැද්දවිම් කරති , බොහෝ විට මෙම පුවත්පත් අළෙවිකරුවන්ද මේවා කරගෙන යන්නේ දේශපාලන ගැතිකම් කරමිනි. මෙය මිපුර පුවත්පත ප්‍රතික්ෂේප කිරීමට තවත් ප්‍රධාන හේතුවකි. ඔවුන් සමහරක් අනවසර ඉදිකිරීම් වල පත්තර තට්ටු කරගෙන යති. කෙසේ නමුත් දැන් අලුත් අභියෝගයක් තිබේ. මීගමුව නගරයේ තවත් අධිකාරියක් පවත්වාගෙන යන තැනක් නම් ”උදාර ‘ නම් වෙළදසැලයි. මෙම වෙළද සැලේ පත්තර අළෙවිකරන්නාද මීපුර පුවත්පත අළෙවි කිරීම ප්‍රතික්ෂේප කිරීම දැන් වසර ගාණක් තිස්සේ කරනු ලබයි. එමෙන්ම මීගමුව බස්නැවතුම්පළ ඇතුළේ ඇති පත්තර අළෙවිසැල මෙන්ම එහි ඉදිරියේ ඇති තට්ටුවේද  හිමිකරු මිපුර පුවත්පත අළෙවි කිරීමට බියය. මෙම බිය ඇති කළේ කවුද කියා ද අප හොදින් දනිමු. එම නිසා එම අභියෝගය ද අප නැවතත් බාර ගනිමු.
එනම් මීපුර පුවත්පතට බිය නැති , පත්තර අළෙවිකරුවන් මෙන්ම දේශපාලකයන් ද බිහිකිරීමේ අභියෝගයයි.
ඉදිරි මාස කීපය තුළ  අප එම අභියෝගයට මුහුන දෙන්නෙමු. එමෙන්ම මිගමුව නගරයේ යහපාලනය ගොඩනැගීම වෙනුවෙන් වෙහෙස වන පුවත්පතක් අළෙවි කිරීමට බිය වන්නන්  හට මේ නගරයේ හෙට දවසේදී පුවත්පත් අළෙවිකරුවන් විමට   සුදුසුකම් ද අහිමිවිය යුතු බවද අප තරයේ විශ්වාස කරමු.images

කුමාරි ප්‍රනාන්දු