පත්තර තට්ටුවට ඉරිදාට ‘ඇපල්’ !

0
210

නිර්මාණශීලි තාරුණ්‍යයක් මෙන්ම පුවත්පත් කලාවේ විප්ලවීය වෙනසක් අරඹයා ලංකාවේ පළමු වරට එළි දැක්වෙන තාරුණ්‍යයේ ජාතික පුවත්පත ‘ඉරිදා ඇපල්’ පුවත්පත කලඑළි දැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානිත්වයෙන් මෙන්ම තරුණ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ඇතුලූ කලා ලොවේ ආරාධිතයන් රැසකගේ ප්‍රධානිත්වයෙන් ඔක්තෝබර් 6 වන දින අති උත්කර්ෂවත් අයුරින් එළිදැක්වීමට මේවනවිට සියලූ කටයුතු සංවිධානය කර තිබේ.

එමෙන්ම මෙම මස 9 වන දින සිට සෑම ඉරිදා දිනකම ලංකාව පුරා පිහිටි සියලූ පුවත්පත් අළෙවි සැල්වලින් මෙම පුවත්පත මිල මිලදී ගැනීමට හැක.

මෙම පුවත්පතේ කතෘ මණ්ඩලයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්නේ වෙළද දැන්වීමකරණ ක්ෂේත්‍රයේ ජාතික මෙන්ම ජාත්‍යන්තර සම්මානලාභී විශිෂ්ටයෙකු වන ප්‍රගීත් ප්‍රසංජය සමගින් මව්බිම පුවත්පතේ ‘යං’ අතිරේඛයේ ආරම්භක කතෘවරයා වූ සංජක ප්‍රසාද් දොලේවත්ත යන දෙදෙනායි.

එමෙන්ම මව්බිම පුවත්පතේ ‘යං’ අතිරේඛය වෙනුවෙන් දායකත්වය සැපයූ ‘යං ‘ කණ්ඩායමේ සියලූ ලේඛක ලේඛිකාවන්ගේ සහභාගීත්වයත් ඉරිදා ඇපල් පුවත්පතේ දක්නට ලැඛෙන බවට ආරංචි වේ.

ලංකාවේ තාරුණ්‍යය සවිඥනික පිරිසක් වශයෙන් වෙනත් දිශානතියකට යොමු කරමින් මුද්‍රිත මාධ්‍යය තුල නැවුම් වෙනසක් සිදු කරමින් තාරුණ්‍යට බොහෝ දේ අත්විදින්නට අවස්ථාවක් උදාකරදෙමින් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් සමගින් ලංකාවේ පළමු වරට තාරුණ්‍යයේ ජාතික පුවත්පතක් වශයෙන් ඉරිදා ඇපල් පුවත්පත කළ එළි දැක්වීමට දැනටමත් විශාල වැඩපිළිවෙලක් සූදානම් වෙමින් පවතියි.

එමෙන්ම ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් ප්‍රකාශ කර ඇත්තේ ඉරිදා ඇපල් තාරුණ්‍යයේ ජාතික පුවත්පත මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ තීරණාත්මක සංධිස්ථානයක් වන බවයි.