උන්වහන්සේ මෙම අදහස් පළ කළේ මේ වන විට යාපනය කන්කසන්තුරයේ තයිනෙත්ති ප්‍රදේශයේ පිහිටි තිස්ස විහාරය පිළිබඳ පැන නැගී තිබෙන ගැටලුව පිළිබඳ උන්වහන්සේගේ facebook ගිණුම තුළින් අදහස් දක්වමිනි.
එම අදහස් දැක්වීමේ දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් උන්වහන්සේ පවසන්නේ, ප්‍රාදේශීය ලේකම්තුමා විහාරස්ථානයට උරුම ඉඩම් වෙන් කර දීමෙන් අනතුරුව යුද හමුදාව සමග පිටස්තරින් පැමිණි ඇතැම් ස්වාමින් වහන්සේලා දෙමළ සහෝදරවරුන් ජීවත්වන ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගත් බවයි.
මතු පළ වන්නේ උන්වහන්සේ විසින් කරන ලද සම්පූර්ණ අදහස් දැක්විම අන්තර්ගත වීඩියෝව යි.
theleader.lk