පන්සල් වලට බෙදාහැරීම සදහා ගෙනයමින් තිබූ සිවුරු තොගයක් අත්අඩංගුවට

0
183

අද සවස සීදුව  දුම්රියපළ අසල හරස් මාර්ගයකදී නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක නාමපුවරු,
ටී ෂර්ට්,කටවුට්, මුද්‍රිත  තොප්පි ,පොස්ටර් ,සිවුරු තොගයක් සහ මුද්‍රිත වතුර බෝතල් තොගයක්  සීදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම ප්‍රචාරක බඩු භාන්ඩ  එක්සත් නිදහස් සන්ධානයේ  කැලණීය  ආසන සංවිධායකවරයෙකු වන ප්‍රසන්න රණවීර මහතාට අයත් බව වාර්තා වන අතර මෙම ප්‍රචාරක උපකරණ වල ඔහුගේ රුව සහ මනාප අංකය ම්‍රද්‍රණය කොට තිබී ඇත. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බෙදාහැරීමට ගෙනයමින් තිබූ මෙම ප්‍රචාරක දැන්වීම් සහ බඩු භණ්ඩ සමග ඔවුන් ගමන්ගත් වාහනයද   පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම මීගමුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම, මී/සහකාර පොලිස් අධිකාරී (03) ලූෂන් සූරියබන්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක, බී.යූ.ඩබ්.එල් වික්‍රමසිංහ  මහතා ඇතුළු පොලිස් නිලධාරීන්  කණ්ඩායමක් විසින් සිදුකරන ලදී.
DSC_0013 DSC_0011DSC_0006 DSC_0001ඡායාරූප – ප්‍රියප්‍රේම මාණික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here