පමාවු එන්නත, කලාපේ කම්කරුවන්ටත් ලබාදිම ඇරඹේ !

0
107

පැතිරයන වසංගතය හමුවේ ඉතාමත් අවධානම් තැනක් ලෙසින් සෞඛ්‍ය අංශ විසින් පවා හදුනාගෙන තිබු අයෝජන කලාපවල කම්කරුවන් පසුගිය කාලය පුරාම වසංගතයට ගොදුරු වෙමින් අනේක දුක් කම්කටුලු අත්විද බව නිදහස් වෙළද කලාප කම්කරුවන් අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත්වි කටයුතු කරන සංවිධාන සහ ක්‍රියාකාරින් විසින් නිරන්තරයෙන් මතුකොට තිබුණි.
ඒ අයට එන්නත කඩිනමින් දිම කළ යුතුව තිබුණද සැලැස්මක් නැති එන්නත්කරණ වැඩපිළිවෙල නිසා එය පමාවි තිබුණි.
කෙසේ වෙතත් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ට කොරෝනා මර්දන එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරමින් එන්නත් මාත්‍රා 10,700ක අද ලබා දුන් බව කටුනායක ආයෝජන මණ්ඩල ප්‍රකාශයෙක් පැවැසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
ඇගලුම් කම්හල් වල සේවක සේවිකාවන් සදහා එන්නත ලබාදිමට පසුගිය 25 වෙනිදා කිලිනොච්චියෙන් අරඹා තිබුණි

ශ්‍රී ලංකා යුද හමුදාව මෙම එන්නත්කරණ වැඩසටහන සිදුකරයි.

එම එන්නත්කරණ වැඩසටහන කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි අයි.සී.එල් ,ස්මාර්ට් ෂර්ට්ස් , ඒ.ටී.ජී. සහ යූ.ටී.පී. යන කර්මාන්තශාලා පරිශ්‍රයන් තුළ දී සිදු කෙරුණි .

වයස අවුරුදු 18 ට වැඩි , කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා තුළ සේවය කරන සියලු සේවක සේවිකාවෝ මෙම එන්නත් කරන වැඩසටහන සම්බන්ධ වූහ.
මුලාශ්‍රය සහ ඡායා – ලංකාදිප වෙබ් අඩවිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here