කෙසේ වෙතත් මේ සියළු වර්ධනයන් එසේ තිබියදි ඊයේ සවස් වරුවේ ඈන් රණවීර මහත්මියගේ නිවසට කිසියම් පුද්ගලයෙකු විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි දැනගන්නට ඇත.
ඊයේ රාත්‍රියේ මිපුර අමතා සිටි ඈන් මහත්මිය කියා සිටියේ ඇගේ නිවසට ගල් ප්‍රහාරයක් එල්ලව ඇති බවත් මේ හේතුවෙන් නිවසේ ජනෙල් විදුරු සහ දොරවල් වලට හානි සිදුව ඇති අතර අනපේක්ෂිත ප්‍රහාරයෙන් විසිවි ගිය විදුරු කැබලි හේතුවෙන් ඈන් මහත්මියගේ දරුවාටද තුවාල සිදුව තිබේන බවය.
සැබැවින්ම ඈන් මහත්මිය මුහුණ දෙමින් සිටින මේ අනාරක්ෂිත තත්වය සදහා වහා මැදිහත්විමක් අවැසිව තිබේ.