පරදින පොහොට්ටු අයවැය පෙරහැරට මිගමුවත් එකතු කරන්න එජාප 19 දෙනා ලෑස්තිද ?

0
84

UNP mp s( 8.00 am ) ප්‍රාදේශිය දේශපාලන කතිකාව තුල පසුගිය දිනවල වැඩි කථාබහකට ලක්ව තිබුණ මාතෘකාවක් වුයේ පොහොට්ටුවට බලය හිමි පළාත් පාලන හා ප්‍රාදේශිය සභාවල අයවැය පැරදෙමින් තිබිමය.
මෙතෙක් පරාජයට පත්ව ඇති තැන් ගැන සලකා බැලිමේදි එකෙන්ම මිගමුව පරාජය කිරිමට වැඩිම හැකියාවක් ඇති තැනක් ලෙස දේශපාලනය ගැන කෙසේ වෙතත් සරල ගණිතය ගැන දන්නා ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇත.

එජාපයෙන්ම ඡන්ද 19 කි

කොට්ටාශ 29 න් 19 ක්ම ජනතා ඡන්දයෙන්ම ( මනාප බෝනස් ආසන /මන්ත්‍රිකම් නොවේ ) පත්වු එජාප මන්ත්‍රිලාම 19 ක් සිටි.

ජවිපෙන් ඡන්ද 03 කි

ජනතා විමුක්ති පෙරමුණටද හිමි මන්ත්‍රින් ගණන 03 කි.
ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ලලිත්ගේ ඡන්දයට අනිවාර්යෙන්ම අයවැයට එරෙහිවය.

කපිලද ලංසා පවුලට එරෙවෙයි

ලංසා පවුලේ කෙණහිලිකම් වලට ලක්වු ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු වන කපින නන්දසුලෝදනද අයවැය එරෙහි වනු ඇත.
දැන් ඡන්දම 24 කි.

රිෂාඩ් වෙනුවෙන් රීෂාක්
රිෂාඩ් බර්දුදින් හිරගෙදරට කොටු කර ඇති පසුබිමක සිය නායකයා වෙනුවෙන් මොණරාගෙන් ඡන්දය ඉල්ලු රීෂාක්ගේ ඡන්දය තවත් එකකි.
දැනටමත් ලංසා පවුල් පාලනය හා හිත්බිදුන කිපදෙනෙකුම යන්තම් ඇටවු මිගමු මහනගර සභාවේ ආණ්ඩු පක්ෂය තුල වෙයි.
දැනට ලැබෙමින් ඇති දේශපාලන ආරාංචි මාර්ග අනුව වත්මන් පාලනය තවත් අර්බුදවලින් සිය ජනප්‍රියත්වය පහල යාමට මත්තෙන් හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණයකට යොමුවනු ඇත.
මේ නිසාම එජාප මන්ත්‍රිවරුන් රැසක් මේ වන විටත් යම් පිබිදිමකින් අයවැය පරාජය කිරිම සදහා කටයුතු සංවිධාන ගත වෙමින් සිටිනු දැකිය හැකිය.
තරුණ චාමරත් රෙඩි


තරුණ නාගරික මන්ත්‍රිවරයෙකු වන චාමර සිය ෆේස් බුක් පිටුවට එක් කළ මේ සටහන අනුව නගරාධිපතිවරයා පරාජය කොට එජාප නගරාධිපතිවරයෙකු පත්කරගැනිමට ඇති සිහිනය දැනටමත් බෙදාහැර ඇත

නගරාධිපතිටත් වඩාත් අජුත එජාප දේශපාලකයන් සිටිද ?

ඒ අනුව බොහෝ විට මෙය පළාත් පාලන ආයතනවල අවසන් අයවැයද වනු ඇත.
මේ අයවැයේදි එජාප මන්ත්‍රින් 19 දෙනා පිලිබදව එජාපය තින්දුවක් ගත යුතුව ඇති අතර සජිත් පිලේ මිගමු ආසන සංවිධාකයාද සිය මතය එළිපිට ප්‍රකාශ කළ යුතුව තිබේ.

පසුගිය මැතිවරණ සමයේ මහනගර සභාවේ සේසතම සිය සහෝදරයාගේ මනාපය වෙනුවෙන් වැය කළ නගරාධිපතිවරයෙකු රැකිම වෙනුවෙන් අයවැය ආරක්ෂා කළ හැක්කේ නගරාධිපතිටත් වඩා අජුත දේශපාලකයෙකුටම පමණි
.
එබැවින් එවන් අජුතයන් එජාප 19 අතර තවමත් සිටිද යන්න තින්දු කිරිම ඔවුන් පත්කර යැවු ජනතාවට භාරය.