ලංකාවේ ගිණිකෙලි කර්මාන්තයට ප්‍රසිද්ධම නගරය වන්නේ කිඹුලාපිටියයි.කලෙක බෝලවත්ත සහ දංකොටුව යන ප්‍රදේශ ගමේ අරක්කු වලට ප්‍රසිද්ධව සිටි අයුරින්ම කිඹුලාපිටියේ විශේෂිකරණය වුයේ ගිණිකෙලි ය.
එහෙත් මෙහි කර්මාන්තයේ නියැලෙන අයගෙන් අදාල නිතිමය කොන්දේසි සපුරා නිසි අවසර පත් සහිතව කර්මාන්තයේ නියැලෙන පිරිස 25% අඩු තරම්ය.
බහුතරයක් දෙනා ආණ්ඩුපක්ෂ දේශපාලකයන්ගේ අනුග්‍රහය මත නිතිමය නොවන අයුරින් දැන් කර්මාන්තයේ නියැලෙති.
ඒ අය කිසිවෙකුත් කොන්දේසි සපුරා නැත. සියළු ගිණි කෙලි ගබඩා කරන්නේද නිවසේමය.
පසුගිය දිනක දෙදෙනෙකුට මරු කැදවු සිදුවිමේදි පෙනි ගිය කරුණ වුයේ නිදන කාමරවලටම යාබදව මේ ගිණිකෙලි නිපයුම් අසුරා තිබුන අන්දමයි.
බේදවාචකය වන්නේ මේ මිය ගිය අයගේ මව සහ පියා මිය ගොස් තිබුනේද ගිණිකෙලි නිෂ්පාදනයේ වු අනාරක්ෂිත බව නිසාමය.
මේ තත්වයන් පිළිබදව මාධ්‍ය මේ නිෂ්පාදකයන්ගෙන් කරුණු විමසා සිටිද්දි ඔවුන් පවසා සිටින්නේ මේ විස්තර ලියන්නට ගොසින් ඒ අයට කර්මාන්තය නිදහසේ කරගෙන යන්නට තියෙන ඉඩ අහිමි නොකරන ලෙසය.
මේ නිදහස යනු අපේ ක්‍රමයට අපිට ගහන්න ඉඩ දෙන ලෙසය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ තමන්ට ඇති ඉඩෙහි මිස ඒ වෙනුවෙන් වෙනත් තැනක ගොඩනැගිලි තනා නිෂ්පාදන කටයුතු කිරිමේ අපහසුතා තිබෙන්නට පුළුවන .එහෙත් මෙහිලා අවම ආරක්ෂිත කොන්දේසි හෝ ඉටුකිරිමට මේ කර්මාන්තයේ නියැලෙන අයව යොමුනොකරන්නේ නම් සිදුවිය හැක්කේ කුමක්ද???