පරිපූරක සේවකයින්ගේ වර්ජනය අකුරටම -මීගමුව රෝහලේ හදිසි සේවා සැපයීමත් නවතී

0
62

පෙබරවාරි මස 13 වනදා ආරම්භ කළ දිවයිනේ සියලූම රෝහල් වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ වර්ජනය අද සිට අකුරටම ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමට රජය විසින් අවධානය යොමු නොකර ඇති තත්ත්වයක් යටතේදීය. අද මීගමුව මූලික රෝහලේ මෙම පරිපූරක වෛද්‍ය සේවා කාර්ය මණ්ඩලය විසින් රෝහලේ ප‍්‍රධාන අංශ කීපයක වැඩ නවත්වා තිබේ. එම සේවක මණ්ඩලය 37 දෙනෙකු වේ. ඒ අනුව මීගමුව රෝහලේ එක්ස්රේ අංශය, ඔෂධවේදීන් , බහුත චිකිත්සක අංශය, රසායනාගාර සේවා ක‍්‍රියා කිරීම අත්හිටුවා ඇත. රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන්  සඳහා අද රෝහලේ ඔෂධ හලෙන් බෙහෙත් ලබා නොදුන් අතර මසකට වරක් සායන වලට පැමිණෙන රෝගීන්ටද ඔෂධ බාහිරින් ගන්නා ලෙස දැනුම් දෙන ලදී. වාර්තා වන පරිදි මේ වන විට හදිසි සේවා සැපයීමද නවතා ඇති බව දැනගන්නට ලැබී ඇත.

මීගමුව රෝහලේ සෙෘෘඛ්‍ය වෙද්‍ය අධිකාරීවරයා පැවසූවේ රෝගීන්ගේ හදිසි අවශ්‍යතා අනුව
නවතා ඇති සේවාවන්  රෝහලෙන් බැර වන පරිදි පුද්ගලික අංශයෙන් ලබාගත හැකි බවයි.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය විසින් මෙම වර්ජනය දියත් කිරීමේ ප්‍රධාන අරමුණු
ලෙස දක්වා ඇත්තේ ඔවුන්ගේ, ශ්‍රේණීගත උසස්වීම් ප්‍රමාදවීම,උපාධිධාරීලාභීන්ට පත්වීම් ලබාදීම, උපාධිධාරී පුහුණුවට සේවයේ සිටින නිලධාරීන් අනුයුක්ත කිරීම, විශේෂ දීමනාව වැඩි කිරීම, සහ දුරකථන දීමන්ාවක් ලබා දීමයි.