පරිසරය වනසපු ඇමතිලා දෙපලක් හෙට කඩොල් හිටවන්න මිගමුව කලපුවට ?

0
95
කඩොල්-කැලේ
නිමල් ලංසා විසින් කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කර තිබු අන්දම

මැතිවරණය ඇරඹිමත් සමගින් මාධ්‍ය සංදර්ශණ එමටය.මේ ඇතැම් සංදර්ශණ ඇත්ත වශයෙන්ම හිනායන ඒවාය.
ඒ අන්දමේ වැඩක් හෙටත් ( මාර්තු 04 ) මිගමුවේ කලපුවේ දුපතක සිදුවන බව වාර්ථාවේ.
මෙයට සහභාගිවිමට නියමිත දේශපාලකයන් දෙදෙනෙකි. ඔවුන්ගේ පැටිකිරියද මසුරංය.
එක් අයෙක් වැලි පස් කපන්නට අවසර දි පරිසරය විනාශ කිරිමෙන් නොනැවති විල්පත්තුවද කැපු පරිසර ඇමති චන්ද්‍රසේනය.අනික් දේශපාලකයා වන්නේ මිගමුවේ කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කර දැමු නිමල් ලංසාය.
මේ අයට දැන් කඩොලාන මතක් වි තිබේ. එපමණක් නොව පසුගිය දිනක සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේද කලපුවේ රවුමක් ගොස් තිබුනේ කඩොලාන ගැන බලන්නටය.
ඒ ගොස් තිබුනේ ඔක්ජින් එපා යැයි කී සුරංගත් සමගින් බවට රාවයක්ද පවති.
ඉතින් මේවාට හිනා නොවි  පුලවන්දැයි අපි මිගමුවේ ජනයාගෙන් අසා සිටිමු.