පරිසරය විනාශ කළොත් අපට GSP සහනය අහිමිවෙයි ! රන්ජන් අනතුරු අගවයි.?

0
159

mutu2මුතුරාජවෙල ඉඩම් පුරවමින් සිදුකරමින් සිටින පරිසර විනාශයක් පිළිබදව පැවැති උද්ඝෝෂණයකට සහභාගිවෙමින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඉතා වැදගත් අදහසක් ඉදිරිපත්කොට තිබුණි.
එනම් මේ ආකාරයෙන් පරිසරය විනාශ කරන්නේ නම් දැනට ශ්‍රි ලංකා රජය වෙත ලැබි ඇති GSP + සහනය අහිමිවිමට ඉඩ ඇති බවය.
GSP + සහනයට අදාලව ශ්‍රිලංකා රජය දැන් සිටින්නේ මාස 4 කට යටත්ව පැමිණිලි ඉදිරිපත් කළ යුතු වන වකවානුවකය.
අදාල කාල සිමාව තුල එකි සහනය ලබාදිමට ශ්‍රි ලංකා රජය විසින් ඉටුකළ යුතු කොන්දේසිවලට අදාලව කිසියම් පැමිණිල්ලක් මේ කාලය තුල ඉදිරිපත් වන්නේ නම් එය බරපතල තත්වයක් වනු ඇත.
එජාපෙ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුධනන් රට ගැන නොසිතා සිය බඩ ගැන පමණක් සිතා මෙම පරිසර විනාශයට නිහඩ සහයක් පළකරමින් සිටින බව ප්‍රදේශවාසින් මෙන්ම නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකද ප්‍රකාශ කර සිටි.
මේ අනුව බලන කළ ධනකුවේරයකුගෙන් මුදල් ගෙන ශ්‍රිලංකා රජය අර්බුදයට යැවිමට කටයුතු කරමින් සිටින ජාඇල සහ වත්තල ප්‍රදේශවල එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙන්ම ඇතැම් පළාත් සභා මන්ත්‍රිවරුන්ද ජනතාව හමුවේ දැන් ප්‍රසිද්ධියේ හෙළිදරව් කළ යුතුව තිබේ.
(ඡායා- දිවයින පුවත්පතිනි)