පරිසරවේදින්ගේ මැදිහත්විමෙන් බලපත් නැතිව වැලි-පස් ප්‍රවාහනය කරන්නන්ට එරෙහිව අධිකරණයෙන් නියෝගයක් !

0
58
court-orderedබලපත්‍ර රහිතව වැලි සහ පස් ප්‍රවාහනය කරන පුද්ගලයන්ට එරෙහිව නෛතික පියවර ගන්නැයි අභියාචනාධිකරණය වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය  (17) දා නියෝග කෙළේය.  වැලි සහ පස් ප්‍රවාහනය සම්බන්ධයෙන් පෙර පැවැති බලපත්‍ර ක්‍රමය දිගටම ක්‍රියාත්මක කරන ලෙසත්, ඛනිජ ද්‍රව්‍ය පනතේ 28 වගන්තිය අනුව ඒ සම්බන්ධ ඉදිරි කටයුතු කරන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයාට තවදුරටත් දැනුම් දෙන ලදී.

එම බලපත්‍ර ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා හේමන්ත විතානගේ මහතා සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් කැඳවු අවස්ථාවේදී මෙම නියෝගයන් කරන ලදී.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්.එම්. ඩී. නවාස් සහ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරු හමුවෙහි මෙම පෙත්සම් කැඳවන ලදී.

එහිදී වගඋත්තරකාර නීතිපතිවරයා, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා සහ වනජීවි ඇමැතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පෙනී සිටියේය.

වැලි සහ පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර නැතැයි ඒ මහතා සඳහන් කළේය. වැලි සහ පස් බලපත්‍ර ලිහිල් කිරීමට ගත් තීරණය නිලධාරීන් විසින් වැරැදි ලෙස අර්ථකථනය කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බව ඒ මහතා සඳහන් කළේය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා කියා සිටියේ වැලි හා පස් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර අවශ්‍ය නොවන බවට වනජීවි ඇමැතිවරයා විසින් ද ප්‍රකාශ කර ඇති බවය. ඔහුගේ උපදෙස් මත භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි ද නීතිඥවරයා සඳහන් කෙළේය.

මෙලෙස බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම 1992 අංක 33 දරන පරිසර පනතට පටහැනි බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. වැලි හා පස් කැණීම් උග්‍ර වී නාය යෑම්, පාංශු ඛාදනය , ගං ඉවුරු ඛාදනය හා පුළුල්වීම, මුහුදු ජලය ඇළ මාර්ග ඔස්සේ ගලා ඒම යනාදී පාරිසරික ගැටලු වැඩි වී ඇතැයි පෙත්සම මඟින් පෙන්වා දී තිබුණි.නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය. නියෝජ්‍ය සොලිසිටර් ‍ජනරාල් පාරින්ද රණසිංහ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.මෙ
මුලාශ්‍රය – දිණමිණ