පරිසර විනාශයට එරෙහිව ජවිපෙන් දැවැන්ත විරෝධයක් !

0
94

රටපුරා ක්‍රියාත්මක වන පරිසර විනාශයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ සවස කොළඹ කොටුවේදි දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
එහි සියලුම පක්ෂ නායකයන්ගේද සහභාගිත්වයෙන් පැවැති මෙම විරෝධතාවය අති විශාල ජනතාවක් සහභාගිව සිටිනු දක්නා ලදි.
ජනාධිපතිවරයා විසින් මාධ්‍යයට සහ විශේෂයෙන් ජවිපෙට ප්‍රසිද්ධ තර්ජනයක් කර තිබෙන මොහොතක මෙවැනි දැවැන්ත විරෝධතාවයක් ජවිපෙ විසින් සංවිධාන කර තිබිමද විශේෂත්වයකි.
දකුණේ පමණක් නොව මේ වන විට උතුරේ මෙන්ම නැගෙනහිරද බරපතල පරිසර විනාශකයක් සිදුවෙමින් පවති.
ආණ්ඩුවේ සහය ලබන විවිධ ජාවාරම්කරුවෝ මේවාට මැදිහත්ව සිටිති.
දකුණේ බොහෝ විරෝධතාවන්හිදි උතුරේ මෙන්ම නැගෙනහිරද සිදුවන මේ පරිසර විනාශයන් ද ගැන අවධානයට යොමුනොවිම සැබැවින්ම බේදවාදකයකි.
රටක් ලෙස මේ විනාශයන්ට එරෙහිව පෙළගැසිය යුතුව තිබේ