”පරිස්සමෙන් ගිහින් එන්න” අකමැති දෙමව්පියන් මීගමුවේ තව ඉන්නවද ..?

0
792

පරිස්සමෙන් ගිහින් එන්නදැනට කාලයක පටන් අප විසින් නිරන්තරයෙන්ම මතුකළ කරුණක් විය.
ඒ මීගමුවේ බොහොමයක් දෙමව්පියන් විසින් සිය යතුරුපැදිවලින් පාසැල් වලට රැගෙන යන දරුවන් හට හෙල්මට් නොමැති විමයි.
මෙහි ඇති අවධානම් තත්වය ගැන අප අවස්ථා ගණනාවකදිම මීගමුව පොලිසියේ බලධාරින් දැනුවත් කර ඇත්තෙමු.
එහිදි ඔවුන් කියා සිටියේ මුල් අවස්ථාවලදි ඒ සියළු දෙමව්පියන් මේ ගැන දැනුවත් කරන බවත් පසුව නඩු ගැනිමට කටයුතු කරන බවත්ය.
පසුගිය දිනකදිද මේ ප්‍රශ්ණයේ ඇති අවධානම ගැන අප විසින් මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කරන ලද අවස්ථාවේදි ඔහු කියා සිටියේ ඉතා ඉක්මනින් මේ ගැන කටයුතු කිරිමට පියවර ගන්නා බවය.
අදින් ඇරඹෙන ජාතික මාර්ග ආරක්ෂණ සතිය ඉල්ලක කොට ගෙන මීගමුවේ මෙසේ ක්‍රියාත්මක වන අනතුරුදායක දරුවන් ප්‍රවාහනය ගැන පොලිසිය නිතිය තදින් ක්‍රියාත්මක කරන්නට පියවර ගනු ඇතැයි විශ්වාස කරමු.