පරිහෝගිකයා තේ කඩ මුදලාලි සහ යහපාලන තේ කෝප්පය ?

0
808

how_to_make_a_cup_of_tea_using_the_microwave115cecca9c65f0de97f6මීගමුවේ  හෝටලකදි අද සවස් යාමේ එක්තරා දෙබසක් ඇති විය.ඒ තේවල මිළ සම්බන්ධයෙනි.රජය කියා සිටියේ තේ එකක් රු 15 කටත් කිරිතේ එකක් රු 25 කටත් දිමට ව්‍යාපාරිකයන් කටයුතු කරන්නේ නම් හොද බවය.
මේ නිසා හෝටල් වලින් තේ කිරි තේ බොන ජනයා මුදලාලි සමගින් මිළ ගෙවිමේදි සංවාදයක පැටලේ. ඒ තේ හෝ කිරි තේ එකක මිළ සම්බන්ධයෙනි.
මුදලාලි කියා සිටින්නේ රජය විසින් කිරි තේ එකක් රු 25 කට දිය යුතුයැයි කියමින් තවමත් නිතියක් පනවා නැති බවයි. මේ නිසා තමන් තවමත් කිරි තේ එකක මිළ රු 35 ක් ලෙසට අලෙවි කරන බවය.
මෙම සංවාදයට සවන් දිමෙන් පසුව අප වැඩි විස්තර දැන ගැනිම සදහා පාරිහෝගික අධිකාරියට කථා කලෙමු.
එහිදි ඔවුන් පවසා සිටින්නේ රජයේ ඉල්ලිම ගැන යහපත් ප්‍රතිචාර දක්වමින් ව්‍යාපාරික ප්‍රජාව සිය පාරිභෝගිකයන් හට රු 25 කට කිරි තේ එකක් ලබාදිමට පියවර ගන්නේ යැයි බලාපොරොත්තු වු බවය.
මේ ගැන ඉල්ලමින් රටපුරා පත්‍රිකාවක් බෙදහැරිමට කටයුතු කරන බවද ඒ ප්‍රකාශකයා සදහන් කලේය.මේ පැහැදිලි කිරිම්වලින්  පසුව අප විමසා සිටියේ කෙසේ වෙතත් පාරිහෝගික අධිකාරියේ මෙ පිළිවෙත තුල හෝටලක කැෂියර් මේසය ලග සංවාදයකදි අනිවාර්යෙන්ම පාරිහෝගිකයා පාරාජයට පත්ව මුදලාලි පමණක් ජයග්‍රහණකරන්නට පමණක් ඔබ පරිසරය සකසා ඇතිද යන්නයි.
මෙය මිළපාලනයක් ලෙසින් ගැසට් කරන්නට තවත් කාලයක් ගතවන බව පමණක් ඇය පවසා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here