පලස්තීන යුද්ධයෙන් මිය ගිය අය වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශණයක් …

0
100

පලස්තීනයේ යුධමය වාථාවරණය නිසා ජීවිත අහිමි වූවන් සිහි කරමින් ” Beyond Words” නමින් එලෙස මියගිය අයගේ රූපයන් චිත්‍රයට නැගීමට බ්‍රිතාන්‍ය ජාතික කලාකරිණියක් වන Keary Beall කටයුතු කර තිබෙනවා.Sahir Abu Namous නම් අවුරුදු 4ක් වයැසැති කුඩා දරුවාගේ මියයාමේ  සිද්ධිය Twitter හරහා දැකීමෙන්  මෙලෙස මියයන්නන්ගේ  චිත්‍ර ඇදීමට ඇය පෙළඹුන බවයි ඇය පවසන්නේ.
මෙලෙස ඇය විසින් නිර්මාණය කරන චිත්‍ර වලින් ඇය බලාෙපාරොත්තු වන්නේ කිසියම් අරමුදලක් මෙවැනි අසරණයන් වෙනුවෙන් නිර්මාණය කිරීම වීමත් මෙහි එක් විශේෂත්වයක්. එමෙන්ම ඇය තවදුරටත් පවසන්නේ ගාසා තීරය වෙත මෙම චිත්‍ර රුගෙන යාමෙන් එම ස්ථාන වලත් ප්‍රදර්ශණ පවත්වා මෙලෙස මුදලක් එකතු කරගෙන අරමුදලක් ගොඩනැගීමට ඇකි වනු ඇති බවයි.

පහතින් දැක්වෙන්නේ එලෙස නිර්මාණය වූ අයගේ ඡායාරූප කිහිපයකි.
(globalvoice ඇසුරෙනි) මිතිලයා ගමගේ

FullSizeRender