පල්ලියයි, පොලිසියයි බලාසිටිද්දි ”ඇරෝමා” අවන්හල යළිත් ක්‍රියාත්මකයි ?

0
155

ඇරෝමාමීගමුව වැල්ලවීදියේ පිහිටා ඇති ඇරෝමා අවහන් හලට එරෙහිව වැල්ලිවීදිය පල්ලිය සහ ප්‍රදේශවාසින් එක්ව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබුණ අතර එහි පැමිණි පොලිසිය කියා තිබුනේ සදුදා (2016 /01/16)වන විට අධිකරණය ක්‍රියාමාර්ගයක් ගෙන ඇරෝමා අවහන්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවය.
එහෙත් අපට දැකගන්නට ලැබුනේ සුදුදා දිනයේත් මැදියම් රැය වන තුරැත් එය ක්‍රියාත්මකව පැවැති බවය.
මෙම අවහන්වලට මත්පැන් අලෙවිය පිළිබදව කිසිදු නිත්‍යාණුකුල බලපත්‍රයක් නොමැතිව තිබියදි පවා එහි එන පාරිහෝගිකයන් සදහා මත්පැන් විකිණෙයි.
මේ හේතුව නිසා පොලිසිය විසින් පසුගිය සතිය තුලදි දෙවතාවක්ම අවහන් හලට පැන අත්අඩංගුවට ගැනිම් කර තිබුණද පසුදින සිට යළිත් එය ක්‍රියාත්මකය.
මෙසේ ක්‍රියාත්මක විම සදහා ප්‍රබල දේශපාලන හස්තයක අනුහස ඇරෝමා වෙත ඇති බව කවදත් ප්‍රකටය.