පල්ලියේ ලේලලමේත් හොර තරාදි..??

0
93

මීගමුවේ කොටුව පිට්ටනිය අසල මාළු මාර්කට් එක අයිතිවන්නේ වැල්ලවිදිය පල්ලියටය.ඒ අනුව මේ මාළු අලෙවි සැලේ ටෙන්ඩරය වසර 5 කටම ගන්නට තරම් මීගමුවේ දේශපාලකයෙකුගේ පියා වාසනාවන්තයෙක් වි ඇත.එහෙත් මෙහි කලක පටන් පැනනැගි තිබු ප්‍රශ්ණය  වුයේ පාරිහෝගිකයන් විසින් ගණු ලබන මසුන් නිසි බරින් තොරවිමයි.
කි.1 කින් ග්‍රෑම් 300 ක් පමණ අඩුවෙන් කිරන්නට පුරුදුව සිටින වෙළෙන්දා එය මාළු වෙළදාමේදි තමන් ලැබු වරප්‍රසාදයක් සේ සලකා කටයුතු කරගෙන යති.

මේ තත්වය පාලනය කිරිම සදහා පල්ලිය විසින් තාරදියක් මාළු වෙළදපල තුල ස්ථාපිත කරන ලද අතර මාළු වෙළෙදුන්ගෙන් කිරුම් මෙරුම් වලදි අකටයුත්තක් වෙන්නේ නම් මෙහි දි තමන් අතට දි අඇති මාළු කිලෝ ප්‍රමාණය නිසි ලෙසින් දැනගත හැකි වනු ඇත.එහෙත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුයේ දින කිපයක් පමණි.මාළු වෙළදුන් විසින් දැන් අර පල්ලියේ තරාදිය ඉවත් කර තිබේ.