පල්ලිය සල්ලි හම්බකරගන්න! මිනිස්සු දුක්විඳින ! අපායක් වු ලෙල්ලම ?

0
327

IMG-20191014-WA0085මීගමුව ලංකාවේ ප්‍රධාන ධීවර නගරයක් වශයෙන් රැක ගතයුතු බවත් , මෙහි අැති ධීවර සම්පත් රැක ගතයුතු බවත් සියළු දෙනා පවසන අදහසකි .මෙම අදහස ක්‍රියාත්මක කිරීමට අදාලව රජයේ ආයතන කිහිපයක්ද මීගමුව නගරයේ ඇත . නමුත් ප්‍රායෝගික තලයේදී එය යථාර්ථයක් නොවන බව පැහැදිළිය. එය යථාර්ථයක් නොවන බවට එක් උදාහරණයක් වන්නේ මීගමුවේ ඇති ප්‍රධාන මාළු වෙළඳ පලවල්ය. මීට පෙර අවස්ථාවක අපි පිටිපන ලෙල්ලම ගැන සඳහන් කරමින් ලිපියක් පල කලෙමු. කුට්ටිදූව මාළු වෙළඳපලද පවතින්නේ එවැනි තත්වයකය ධීවරයින් මුහුද සමඟ පොරබදා රැගෙන එන මාළු කුට්ටිදූව වෙළඳපලේ විකුණන ආකාරය අපි දකින්නෙමු . එසේම මෙහි මාළු වෙළෙන්දන්ට පවතින ඉඩකඩ පහසුකම් ගැනද අපි දැක්කෙමු . සමහරු තට්ටු ගසා ඒඋඩ මාළු තබා පිරිසිදුවට මාළු විකුණන නමුත් සමහර වෙළෙන්දෝ බිම දමා විකුණන බව පෙනේ. මේ තත්වය නිසා මතුවී පෙනෙන්නේ මෙම මාළු වෙළඳපලේ අපිළිවෙල සහ අපිරිසිදු කමයි .
එසේම මේ වනවිට මෙම ගොඩනැගිල්ලේ පැවැත්ම පිළිබඳව ප්‍රශ්ණ මතුවී ඇත . සමහර ස්ථාන වල වහල ගැලවී ගොස් ඇති අතර වෙළෙන්දෝ ඉටිරෙදි වලින් තාවකාලිකව වහලවල් සකස්කර ඇත. කනු දිරාපත්ව ඇත. බිම පුපුරා ගැලවී ඇත . අපවිත්‍ර ජලය ගලාගොස් මෙම වලවල්වල පිරෙයි.
මෙම වෙළඳපල ඉදිරියේ ඇති පාර විශාල වශයෙන් කඩතොළුවී ඇත. මේ අනුව පැහැදිළි වන්නේ කඩිමුඩියේ මාළු වෙළඳපලක් හදා ඇත්තේ මීගමුවේ අනෙකුත් ගොඩනැගිලි මෙන් ජනතාවගේ සැබෑ අවශ්‍යතා හඳුනා ගෙන නොවන බවයඅද ඉහතකී සියළු ප්‍රශ්ණ පිළිබඳව කටයුතු කිරීමට වැල්ලවීදිය දේවස්ථානයේ පියතුමා මැදිහත් වන්නේ නැත . මන්ද මෙහි භාරකරුවා වන්නේ වැල්ලවීදිය දේවස්ථානයයි එසේම කිසිදු දේශපාලකයෙකු තවමත් මේගැන විමසා බලා කටයුතු කර නැත.
මේ නිසා මෙම වෙළඳපල නිසා ලැබෙන ආදායම ගැන සිතනවා මෙන්ම මෙහි නඩත්තුවටද අදාල කටයුතු සඳහාද මැදිහත් වන මෙන් අප අවධාරණය කරමු.