පල්ලි 2 කක් නිසා බෙදුන ගම යාකළ තරුණ පියතුමෙකුගේ කථාව !

0
186

fr2

2012 ඔක්තෝබර් 20 වන දින කටුනායක මීසමේ මීසම් සේවක  පියතුමන් ලෙස සේවයට පැමිණි ගරු දේශාන් පෙරේරා පියතුමා වසර හතරාමාරක් පමණ සේවා කාලයක් නිමවා 2017 මැයි 14වන දින කටුනායක මීසමට සමුදුන්නේ මග්ගොන නිර්මලදේව මාතා දේවස්ථානයට ස්ථාන මාරුවක් ලබා ගනිමිනි.fr9

පියතුමන් විසින් පවත්වන්නට යෙදුන සමුදිමේ දිව්‍ය පුජාවේදි  පැවසූ අන්දමට එතුමාගේ සමුගැනීම ඉතාමත් සතුටු සිතින් සිදුවන බව සත්‍යයක් යැයි අපටද අවබෝධ වන විශේෂ කරුණක් වේ
කටුනායක ග්‍රාමයේ පල්ලි දෙකක් විය. .එකක් ජනප්‍රිය වහරේදි හදුන්වන්නට යෙදුනේ මහ පල්ලිය ලෙසිනි. අනික පොඩි පල්ලිය ලෙසිනි.
මහපල්ලිය යමක් කමක් ඇති අයටත් පොඩි පල්ලිය කලපු ධිවරයන් ද ඇතුළු දුප්පත් අයටත් ලෙසින් වු මේ බෙදිල්ල දශක ගණනාවක් පුරාවට පැවතිණි.
එදා මෙදා තුර කටුනායකට පැමිණි බහුතරයක් වු පියතුමන්ලා හට මේ විරසකය සමහන් කිරිම සදහා තිරාණාත්මක මෙහෙයක් සිදුකරන්නට නොහැකි ව තිබුණි.fr8fr4
පැමිණ බහුතරයක්ගේ වැඩි ලෙන්ගතුවක් බොහෝ විට සිදුව තිබුනේ මහපල්ලිය කේන්ද්‍රකොට ගෙනය.
මේ පසුබිම තුල තත්වය වඩාත් දරුණු වෙමින් වරෙක පොඩි පල්ලියට පියතුමෙකු එපා යැයි කියන අන්දමේ තත්වයක්ද උද්ගතව පැවතිණි.
මේ පසුබිම තුල මේ තරුණ පියතුමා හට පැවරෙන දුත මෙහෙවර වි තිබුනේ මේ බෙදුන ගම යාකිරිමය.
සැබැවින්ම ඔහු එය කළේය.
බෙදුන ගම යාකලේය.
තරුණ පියතුමෙකු ලෙස සිය පළමු පත්විම තුලදිම මෙවන් වු බරපතල අභියෝගයක් භාරගෙන කටයුතු කරමින් සිය මෙහෙවර කටුනායක තුලදි නිමවා තිබුණි.එක්තරා අන්දමකට
ඇත්ව වී සිටි දේවස්ථාන දෙකේ මීසම්වාසීන් එකමුතු කිරීම  වෙනුවෙන්  ක්‍රියාකාරකම් රාශියකට මුල පුරා තිබුණි.  මඩු වන්දනාව, චතාරික වන්දනාගමන්,ශුද්ධවූ දේශයේ චාරිකාව,සෞඛ්‍ය වැඩසටහන් ,දහම් පාසල,ක්‍රීඩා තරග,දේවස්ථානය අළුත්වැඩියා කිරීම,ශ්‍රමදාන,ප්‍රශංසා මෙහෙයන්,විශේෂිත දිව්‍ය පූජාවන් වලදී ශු.සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේ පවත්වන මෙහෙයන් සදහා පියතුමා සහභාගී වීම ආදිය මේ අතර වි⁣⁣ශේෂයක් ගෙන තිබුණි.
මේ සියල්ල නිසා පියතුමා හා මීසම් ජනතාවට වඩ වඩා ලෙන්ගතු වන්නට විය.එසේම සියළු දෙනාගේම එකමුතුකම ඉස්මතු වන්නට විය. එය දේශාන් පියතුමා ලද ජයග්‍රහණයයි.fr6fr7

මේ නිසා දේවස්ථානයට වෙනදා නොඑන ජනතාවද දේවස්ථානය කරා එන්නට විය.තවද ඒ සදහා දේවස්ථානය ඇතුලත මෙන්ම පිටතද ඉතාමත් අලංකාර කරමින්,යාච්ඤාවට සුදුසු පරිසරයක් නිර්මාණය කෙ⁣රුණේ එතුමාගේ උවමනාවෙනි. ඉතාමත් අලංකාර වටපිටාවක් නිර්මාණය කල එතුමා දේවස්ථාන දෙකම සිත්බැදගන්නා ස්ථාන බවට පත්කලේය.

මීසම් සේවක පියතුමෙකු ලෙස ලැබු පළමු පත්වීම අප මීසමට වූ බැවින් එතුමා ඉතාමත් නිහතමානී,ක්‍රියාකාරී,දයාබර හිතවතෙකු විය. සැබෑ දේව සේවකයෙකු වූ එතුමා සිය බැටළු රැල රැකලබාගත්තේ ඔවුන් හා මිතුරුකම් පාමින් සැමදෙනා එකලෙස සලකමින් ඔවුනොවුන්ගේ උවමනා හා එපාකම් පවා ඉටුකර ලීමෙන්ය.විටක පියෙක්, මිතුරෙක්,සහෝදරයෙක්, ලෙසින් බාල, මහළු, තරුණ,වැඩිහිටි,හා කුඩා ළමුන් සමගින්ද වැඩකලේ ඉතාමත් ලෙන්ගතු කමින්ය.fr5
එබැවින් ඔබට මෙන්ම අපට ද හැගෙන පරිදි ඔබ mission accomplished කර ඇත.
ඉතින් අප ඔබට සතුටි සිතින් සමුදෙන්නේ තවත් මිසමකට ඔබ අපට අඩු නැතිව දුන් ආදරයත් කරුණාවත් අපේ ගමෙන් ලද අත්දැකිමත් රැගෙන ගොස් ඔබගේ ඊලඟ දුත මෙහෙවරට පණපොවන්නට දිරිය පතමිනි.
එස්.ප්‍රනාන්දු

 

fr

 

Save

Save

Save

Save

Save

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here