පවිත්‍රා ළඟ සිරකරගෙන ඉන්න මැතිවරණ සෞඛ්‍ය නිර්දේශ එලියට දාන්න

0
49
මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ  ගැසට් කිරීම ප්‍රමාද කිරීම මඟින් බරපතල තත්වයක් ඇතිවිය හැකි බව

මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රමුඛතම සංවිධානයක් අවධාරණය කර සිටියි.

ඒ අනුව ‘කැෆේ’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් අවධාරනය කලේ, පවතින අවදානම්කාරී සෞඛ්‍ය වාතාවරණය මත මහමැතිවරණය පැවැත්වීම සදහා වන සෞඛ්‍ය නිර්දේශ වහා ගැසට් කළ යුතු බවයි.

එසේ නොකළ හොත් එක් අතකින් යළි රට තුළ බරපතල සෞඛ්‍ය අවධානමක් ඇතිවන බවත්, ඊට අමතරව මහමැතිවරණ‌යේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයට පවා බලපෑම් කල හැකි බව ඔහුගේ අදහසයි.

අදාල සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒවා බලාත්මක කිරීම සඳහා එම නිර්දේශ වහා ගැසට් කිරීම අනිවාර්ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා  පෙන්වා දෙයි.

එම සෞඛ්‍ය නිර්දේශ පිළිබඳ සෞඛ්‍ය අංශ, සහ බලධාරීන් පමණක් නොව ජනාධිපති වරයා පවා එකඟතාව පළ කර තිබුනද ඒවා සාර්ථකව ක්‍රියාත්මක වන තත්වයක් දක්නට නොලැබේ.

මෙවැනි තත්වයක් මත ගෙන් ගෙට යාමේදී සහ ජනහමු පැවැත්වීමේදී ආදි කටයුතු වලදී අනුගමනය කළ යුතු  සෞඛ්‍ය නිර්දේශ නොසලකා හරිමින් බොහෝ දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙයි.

මේ වනවිට කොරෝනා වසංගතය යලි හිස එසවීමේ අවධානමක් ද මතුව ඇති  අතර මේ නිසා තවදුරටත් කල් නොදමා වහාම අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට කටයුතු කළ යුතු බව  කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා අවධාරණය කරයි.

corona election lanka MRසෞඛ්‍ය නිර්දේශ නොසලකා හරිමින් මැතිවරණ ව්‍යාපාරයේ….

 

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක් !

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද පසුගියදා අවධාරණය කර සිටියේ, මහ මැතිවරණයට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කළ යුතු බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි බලාත්මක වී නොමැති වීම මැතිවරණ කොමිසම මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් බව ඔහු අවධාරණය කර සිටියි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසීය.

මෙම මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මැතිවරණ කොමිසමට ලබා දී මසකට වැඩි කාලයක් ගත වී තිබුණ ද තවමත් රෙගුලාසි වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත්ව නැති බවත් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

පවතින කොවිඩ්-19 වෛරස තත්ත්වය යටතේ ජනතාව නිසි පරිදි ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් හැකි ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව ඔහු පවසයි.‍ෙ

මැතිවරණ රැළිවල ඊට සහභාගී වන පුරවැසියන් මෙන්ම දේශපාලකයින්, අපේක්ෂකයින් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඇතුළු සියලු දෙනා අදාළ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.

 

මැතිවරණ සෞඛ්‍ය නීති ඇමතිනියගේ ලාච්චුවේ !

මහමැතිවරණයේ ප්‍රචාරක කටයුතු හා ඡන්ද ක්‍රියාවලියට අදාලව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකර සෞඛ්‍ය  ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ලඟ හිර වී ඇතැයි ‘අනිද්දා’ සති අන්ත පුවත්පත වාර්තා කර ඇත.

එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

”මෙතෙක් එම මාර්ගෝපදේශ ගැසට්‌ නොකිරීම නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන්නේ නීත්‍යානුකූල සෞඛ්‍ය මාර්ගෝපදේශ නොමැති තත්වයක් තුළය. එම නිසාම මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අභියෝග කිරීමේ හැකියාවක් ඇතැයි  නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පැවසුවාය.” -අනිද්දා

”මෙතෙක් එම මාර්ගෝපදේශ ගැසට්‌ නොකිරීම නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන්නේ නීත්‍යානුකූල සෞඛ්‍ය මාර්ගෝපදේශ නොමැති තත්වයක් තුළය.

එම නිසාම මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අභියෝග කිරීමේ හැකියාවක් ඇතැයි  නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පැවසුවාය.

එම මාර්ගෝපදේශ මැතිවරණ කොමිසමේ නිරීක්ෂණයටත් නීතිපතිවරයාගේ අනුමැතියටත් යවා ඇති අතර නීතිපතිවරයා සුලු සංශෝධන සහිතව එය අනුමත කර තිබේ.

ඉන්පසු එම මාර්ගෝපදේශ නැවත සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යවා ඇති අතර ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ වෙත එය‌ යොමු කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා එම මාර්ගෝපදේශ ගැසට් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යවා තිබේ.

අප කළ විමසීමකදී ඇමතිවරියගේ මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ තහවුරු කළේ එම මාර්ගෝපදේශ සෞඛ්‍ය  ඇමතිවරියට ලැබී ඇති බවයි.

එම මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකරන්නේ මන්දැයි විමසීමට සෞඛ්‍ය ඇමතිවරිය දුරකථනයට සම්බන්ධ කර ගැනීමට අපි ගත් උත්සහය ව්‍යාවර්ථ විය.

 

ගැසට් නොකරන හේතුව මෙන්න !

Health minister Campain

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන ගෙන් මේ සම්බන්ධව කළ විමසීමකදී ඔහු පැවසූයේ මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් මගින් නීත්‍යානුකූල කළහොත් ඡන්ද අපේක්ෂකයන්ගේ  මැතිවරණ ප්‍රචාර කටයුතු වලට බාදාවක් වන නිසා එය නොකරන බවයි.

කෝවිඩ් 19 රෝග ව්‍යාප්තිය මධ්‍යයේ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය  මාර්ගෝපදේශ නම් වූ එය ජූනි මාසයේ මුලදී සාදා තිබෙන අතර එහි මැතිවරණ ප්‍රචාරණයට අදාල ප්‍රචාරක රැස්වීම් ප්‍රචාරක පත්‍රිකා නිවෙස්වලට බෙදා දීම, මැතිවරණ කාර්යාල පුහුණු සැසි ආදිය ගැන මාර්ගෝපදේශ ඇතුළත් වෙයි.

ඊට අමතරව තැපල් ඡන්දය, ඡන්දය දින ඡන්දය භාවිතා කිරීම, ගණන් කිරීම ආදී පිළිබඳවද මාර්ගෝපදේශ ඇතුළත්ය.

මැතිවරණ සංවිධාන ජූනි 1 වන දින සහිතව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමු කරමින් අවධානය යොමු කර ඇත්තේ එම මාර්ගෝපදේශ ඉක්මනින් ගැසට් කරන ලෙසය. ”

 

නිරෝධායන නීති කඩිනමින් ගැසට් කරන්න PHIලා කියයි

කෙවිඩ් 19 පාලනය කිරීම සඳහා රජය විසින් නීති සම්පාදනය කර ඊට නිරෝධායන නීති අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කළ යුතුව ඇතැයි ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි පැවසු ඔහු, එසේ නොවන්නේ නම් කොවිඩ් දෙවැනි රැල්ල පාලනය කිරීම ගැටලුවක් වන බව ද පැවසීය.
theleader.lk