පවුලට හා මිතුරන්ට මුල්තැන දීමට ෆේස්බුක් තීරණය කරයි.

0
81

index

ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන කෙනෙක් දැන් නැති තරම්. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සැම දෙනෙකුටම ෆේස්බුක් ගිණුමක් තියෙන තරමට අප සමාජය ඊට ඇබ්බැහි වී හමාරයි. ඒ නිසාම ෆේස්බුක් මගින් ගනුලැබූ මේ නව තීරණය අපි හැම දෙනාටම වැදගත් වේවි.

පසුගිය ජුනි 29 වන දින ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ කළමණාකාරීත්ව විසින් නව තීරණයක් ගනු ලැබූ බව ප්‍රකාශයට පත් කර තිබුණා.එම තීරණයට අනුව අප අපගේ ෆේස්බුක් ගිණුමට පවිසි විට අපට පෙන්වන “News Feed” ලෙස අපට පෙන්වන ලැයිස්තුවේ අන්තර්ගතයේ වෙනසක් සිදුවීමට නියමිතයි. සාමාන්‍යයෙන් එම ලැයිස්තුවේ පෙන්වන්නේ අපට හා එදිනෙදා අපගේ ගිණූම තුල අප සිදුකරන ලද දේවල් වලට අදාල වන විසතර බව අප දනනවා. නමුත් මේ නව තීරණයත් සමග “News Feed” ලෙස අපට පෙන්වන ලැයිස්තුවේ වැඩි ඉඩක් අපගේ පවුල=ලේ සාමාජිකයන්ගේ හා මිතුරන්ගේ විස්තර වෙනුවෙන් වෙන්වනු ඇති.

මේ තීරණය ගැනීමට මූලික් වී ඇත්තේ “trending topics” යටතේ හෝ එම සංකල්පය යටතේ දේෂපාලනික මතයන් මර්දනයකට ලක්වන බවට ෆේස්බුක් ආයතනයේම කොන්ත්‍රාත්කරුවෙක් විසින් කල දෝෂාරෝපනයක් සම්බන්දයෙන් කල සමීක්ෂණයකින් ලද ප්‍රථිළුලයි.  තම ආයතනයේ මේ තීරණය සම්බන්දයෙන් අදහස් දක්වමින් ඔවුන් පවසන්නේ ෆේස්බුක් සමාජජාලයේ අරමුණ වන්නේ ලෝකය අවදානය යොමුකල යුතු මාතෘකාවක් තෝරාදීම නොවන බවයි. තමන්ට ආදාල හා තමන්ට දැනෙනෙ දේ පිලිබදව පුද්ගලයෙතුට පෞද්ලිකව දැනගැනීමට ඉඩ සැලසීම තම ආයතනයේ අරමුණ බව ඔවුන් පවසා සිටිනවා.

කෙසේ හෝ මේ වන  විට විශේෂයෙන් ලොවපුරා සිදුවන දේශපාලනික වෙනස්වීම් ,තොරතුරු මෙන්ම ලොවපුරා සිදුවන දේ පිලිබදව වන ප්‍රවෘත්ති ව්‍යාප්ත වන ප්‍රධානතම මාර්ගය බවට ෆේස්බුක් පත්කරගැනීමට එය භාවිතා කරන්නන් කටයුතු කර අවසන්. එයින් ඔබට යමින් ෆේස්බුක් ගමන්ගේ ප්‍රධානතම ප්‍රවෘත්ති සපයන්නා බවට පත්කරගත් මාධ්‍යවේදීන් පවා බිහිවී තිබෙනවා. ඒ නිසාම මේ නව තීරණය මෙතුවත් කාලයක් විවිධ අරමුණු වෙනුවෙන් ෆේස්බුක් මත රුදුනු හැම දෙනාටම නැවතත් සිතා බලන්නට යමක් එකතු කරනවාට සැකයක් නැහැ.

 

www.telegraph.co.uk ඇසුරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here