පවුලේ අයත් එක්ක ගිහින් එන්න ගෙදර වගේ තැනක් …

0
535

දැන් තියෙන කාර්යබහුල ජීවන තත්වයත් එක්ක අපි හැමෝම ගෙවන්නේ විඩාවෙන්,පීඩනයෙන් පිරුණ ජීවිතයක්. ඉතින් ඒ හැම කරදරයක් එක්කම නිදහසේ ඉන්න වෙලාවක් ලැබුනොත් කාර්යබහුල කමෙන් මිදෙන්න පුළුවන් විදියක් හොයන්න අපි හැම දෙනාම උත්සහ ගන්නවා.

ඒ අතරින් විශේෂ දෙයක් තමයි පවුලේ අයත් එක්ක හවසට එළියට යන එක. එළියෙන් කෑම ගන්න, පොඩ්ඩක් ඇවිදල එන්න අපි ගොඩක් ආසයි. ඒ වගේ වෙලාවකට ගැලපන තැනක් ගැන කියන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ.

IMG 20210319 WA0036
IMG 20210331 WA0020

මීගමුව කටුනායක කිට්ටුව අයනම් දන්නවා කටුනායක කලපුව මායිම්ව කොච්චර රෙස්ටුරන්ට්ස්,හොටෙල්ස් තියෙනවද කියල. විවිධ ජාතියේ රෙස්ටුරන්ට්ස් වල විවිධ ගණන් වලට ආහාර ලබා ගන්න අපිට පුළුවන්.

මේත් ඒ වගේ තැනක්. හැබැයි වෙනස්..

මෙතන නම තමයි Aero Lagoon. කුරණ ජතිත බේකර්ස් ලගින් ජෝන් සිල්වා පාරෙන් මිටර් 25 ක් විතර ඇතුලට ගියහම තමයි මේ තැන තියෙන්නේ. එතනට යනකම් පුවරු සංඥා වලින් අපුරුවට පාර පෙන්නනව
හරිම නිසංකලංක පරිසරයක තියෙන හරියටම කිව්වොත් ගෙදර ආව වගේ හැගීමක් දැනෙන තැනක්.
එතනට ගිය කෙනෙක් ඒ ගැන විශේෂයෙන් සාක්ෂි සපයයි.
කටුනායක මීගමුව අවට තියෙන හොටෙල්ස් සහ රෙස්ටුරන්ට් පවා කාර්යබහුල වෙලා තියෙන නිසා පවුලේ අයත් එක්ක නිදහසේ ඉන්න කියාපු තැනක්.
තමන්ට කැමති කෑමක් එතනින් ඇණවුම් කරගන්න පුලුවන්.

IMG 20210331 WA0007
IMG 20210331 WA0005
IMG 20210331 WA0004

විශාල හිස් භූමියක් Aero Lagoon සතුව තියෙනවා. ඒ භුමියේ තමන් කැමති තැනකින් මේසයක් දාගෙන කලපුවේ සුන්දරත්වය විදින ගමන් පවුලේ අයත් එක්ක ආහාර ගන්න, සතුටු සාමීචියේ යෙදෙන්න පුළුවන්. කෑම බීමත් ලොකු ගානක් නැහැ.
ඒ වගේම outdoor වෙඩින්,පාටීස් තියන්න කියාපු තැනක්. එවගේ අදහසක් ඔබට තියෙනවානම් Aero Lagoonහි කාර්යමණ්ඩලට ඒ සදහා ඔබට අනිවාර්යයෙන් අවශ්‍ය මගපෙන්වීම ලබාදෙයි. අද කාලේ ගො දෙනෙක්ගේ ආසාවක් තමයි තමන්ගේ විවාහ මංගල උත්සවය මේ වගේ outdoor function එකක් විදියට ගන්න එක. එහෙම කැමැත්තක් තියෙන යුවලකට තමන්ගේ සිහිනය යථාර්තයක් කරගන්න හොදම තැනක් තමයි Aero Lagoon කියන්නේ.

ඒ නිසා කාර්යබහුල බවෙන් මිදෙන්න කියල තවත් පැක් වුන රෙස්ටුරන්ට්ස් වලට යනවට වඩා Aero Lagoon ගිහින් හවස් වරුව ගත කරල එන්න කියල ආරාධයනයක් කරන්න අපි කැමතියි. එක පාරක් ගියොත් ආපහු යන්න හිතෙන එකනම් නවත්තන්න බැරිවෙයි..

මෙතන තවත් පහසුකම් ගොඩක් තියෙනවා.
හැබැයි ඒ හැම දෙයක්ම ඉතාමත් සාධාරණ මිළ ගණන්වලට.
වැඩිවිස්තර දැනගන්න මේ අංකයට කථාකරලම බලන්නකෝ...0777258263

IMG 20210319 WA0037

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here