පහ වසර ශිෂ්‍යත්වය අදයි !

0
503

00001 scholershipමෙවර 5 වන ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන තුන්දහස් දහහතරකදි අද පැවැත්වෙයි. අපේක්ෂකයෝ තුන්ලක්ෂ පනස්හයදහස් හත්සිය විසිඅටදෙනෙක් ඊට පෙනි සිටිති. ඉන් පන්සිය හැටදෙදෙනෙක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවෝ වෙති. විභාග පරිපාලනය සදහා විසිඅටදහසක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර විභාග අධික්ෂණ කටයුතු සදහා දවසේ පැය 24 පුරා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුලත් විශේෂ කණ්ඩායම් යොදවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ජයන්ත පුෂ්පකුමාර මහතා කියයි. ශාලාධිපතිවරයා හැර විභාග නිරික්ෂකවරුන් ඇතුලු සියලු විභාග කාර්ය මණ්ඩලයට විභාග මධ්‍යස්ථාන වලදි ජංගම දුරකතන භාවිතය තහනම්වේ. විභාගය පැවැත්වෙන කාලසිමාව තුල එම පාසලේ ගුරුවරු හා අනධ්‍ය කාර්ය මණ්ඩලය ඇතුලු අවසර නොලත් කිසිදු පුද්ගලයෙකුට විභාග මධ්‍යස්ථානයට ඇතුලුවිම තහනම්ය. විදුහල්පති කාර්යාලය ද වසා තබන ලෙස දැනුම් දි ඇතැයි පුෂ්පකුමාර මහතා කියයි. විභාග කටයුතු වලට බාධාවන අයුරින් කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට දැනුම් දි තිබේ. ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍රය රහස්‍ය ලේඛණයක් වන බැවින් විභාගය අවසන් වු පසු ප්‍රශ්ණ පත්‍ර ලග තබා ගැනිම හා පිටපත් කිරිම තහනම්වේ. එවැනි දේ සිදුකරන පුද්ගලයන් ද අත්අඩංගුවට ගැනෙනු ඇත.
මෙවර ශිෂ්‍යත්ව විභාගය ඩෙල්ෆ්. නයිනතිව්. අනලතිව් දුපත් ප්‍රදේශ වලද පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වු පසු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක් වන බව විභාග කොමසාරිස් ජයන්ත පුෂ්පකුමාර මහතා පවසයි. එබැවින් එම ප්‍රශ්න පත්‍ර ළග තබා ගැනීම . පිටපත් කිරීම . ඡායා පිටපත් ළග තබා ගැනීම . විකිනීම . මුද්‍රණය සහ ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් වෙයි.

පහ වසර ශීෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට විභාග කොමසාරිස් ජනරාල් ජයන්ත පුෂ්පකුමාර මහතා උපදෙස් මාලාවක් ද නිකුත් කරයි. විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අද පෙරවරු 9.30 සිට 10.15 දක්වා පැවැත්වෙයි. දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 10.45 සිට මධ්‍යහ්න 1200 දක්වා පැවැත්වීමට නියමිතයි.
කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයන්ට දැනුම් දෙයි. විභාග අපේක්ෂකයන් තමන්ට අදාළ විභාග අංකය ඇදුමේ වම්පස පැලද සිටිය යුතුය. පිළිතුරු සැපයීම සදහා පැන්සලක් හෝ පෑනක් භාවිත කළ හැකිය. විභාග අංකය නිවැරදිව සටහන් කරන ලෙසද ඔහු දැනුම් දෙයි . කල්වේලා ඇතිව දරුවන් පාසල් වෙත රැගෙන එන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි. දෙමාපියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුඵවීමට අවසර නැත. විවේක කාලයේදීද දෙමව්පියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුඵවීමට ඉඩ නොලැබෙන බැවින් දරුවන්ට කෙටි ආහාරයක් සහ වතුර බෝතලයක් රැගෙන යාමට ලබාදෙන්නැයිද ඔහු ඉල්ලා සිටී.
www.slbc.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here