පළගතුරේ මෝයේ දිය නෑමට ගිය පුද්ගලයෙක් මුහුදු සර්පයෙක් දෂ්ඨ කිරමෙන් මිය යයි.

0
65

කොච්චිකඬේ, පෝරුතොට ප‍්‍රදේශයේ අංක 166/20-ඒ , දරණ ස්ථානයේ පදිංචිව හුන් ”නාගූර් පිච්චෙයි බුහාරුදීන් නිසාම්දීන් ”  නැමැති 40 හැවිරිදි තී‍්‍රවිල් රථ රියදුරෙකු පසුගිය නොවැම්බර් මස 16 වැනි බදාදා පළගතුරේ මෝයේ දිය නෑමට ගොස් තිබේ. දිය නාමින් සිටියදී එක්වරම ඔහුව යම් සතෙක් විසින් සපා කා තිබේ. එහිදී ඔහු සිතා ඇත්තේ ජලයේ සිටි මා`ඵවෙකු ඔහුව සපා කා ඇති බවකි. එහෙත් පසුදා එනම්  17 වැනි බ‍්‍රහස්පතින්දා දින වන විට ක‍්‍රමයෙන් ඔහුගේ ශරීරය ඉදිමී දැඩි ලෙස අසනීප වී තිබේ. ඒ අනුව එදිනම ඔහුව රාගම රෝහලට ඇතුලත් කර ඇත. එහෙත් එදින දහවල් වන විට ඔහුගේ තත්වය වඩාත් අසාධ්‍ය තත්වයට පත් වී තිබිණී. රාගම රෝහලේදී කරන ලද පරීක්ෂණ වලින් පෙනී ගියේ ඔහුගේ වකුගඩු අකි‍්‍රය තත්වයට පත් වන බවකි. ඒ අනුව එදිනම එනම් 17 වැනිදාම ඔහුව රාගම රෝහලින් , කොළඹ, ජාතික රෝහලට යවා තිබේ. එහිදී වෛද්‍ය නියමය අනුව ඔහුගේ සිරුරේ රුධීරය මාරුකර පිටතින් රුධිරය සපයා දී ඇත.  එහෙත් දෙදිනකට පසුව එනම් 19 වැනි සෙනසුරාදා සවස කොළඹ, ජාතික රෝහලේදී ප‍්‍රතිකාර ලබමින් සිටියදීම ඔහු මිය ගොස් තිබේ.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එඞ්වඞ් අහංගම මහතා සිය වාර්තාවේ ස`දහන් කර ඇත්තේ දිය නෑමට ගොස් සි්ටියදී සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් එම විෂ ශරීර ගත වී මෙම මරණය සිදු වී ඇති බවයි. එලෙසම පළ`ගතුරේ ධීවර පිරිසක් විසින් සිය විසි දැලකට කොටු වී සිටි විෂ සහිත සර්පයෙකු අල්ලා ගෙන ඇති අතර එම සර්පයා මෙම පුද්ගලයාව සපා කෑ සර්පයා වීමට ඉඩ තිබෙන බව ඔවුන්ගේ අදහසයි. මෙම සර්පයා මුහුද ආශී‍්‍රත ජලයේ වෙසෙන සර්ප විශේෂයකට අයත් බවද ඔවුන් වැඩි දුරටත් පවසති.
මෙලෙස මියගිය ”නාගූර් පිච්චෙයි බුහාරුදීන් නිසාම්දීන් ” දියණියන්ම තිදෙනෙකුගේ පියෙකු බවද වාර්තා වේ.

තුෂාර රොහාන්