පළමු විදුලි දුම්රිය මීගමුවට !

0
70

මේ අනුව, මෙම ගිවිසුම අත්සන් කර තිබෙන්නේ මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ග පද්ධතියක් ගොඩනැගීම සඳහාය.

මීට සමගාමීව අක්කර 150 ක ඉඩම් ප්‍රමාණයක් මිලදී ගනිමින් සියළු පහසුකම් සපිරි නගරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

අදාල ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තාව සිදුකිරීමට ඩොලර් මිලියන 05 ක පමණ මුදලක් ආයෝජනය කරන අතර එම වාර්තාවට අදාළව රජයෙන් අනුමැතිය හිමිවූ පසුව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියට අදාළ වන මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 42 කි.

කටුනායක ගුවන් තොටුපොළේ සහ කොළඹ කොටුවේ මෙයට අවශ්‍ය වන පර්යන්ත දෙකක් ඉදිකරන අතර දුම්රියට පිවිසුම් ස්ථාන බෝපිටියේ සහ කෙරවලපිටියේ ගොඩනැගීමට සැලසුම් කර ඇත.

මේ සියළු ඉදිකිරීම් 2018 වසර අවසන් වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
www.sinhala.srilankamirror.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here