පළාත් පාලනය ගැන ඉගෙන ගන්න දායන් ලංසා බලෙන්ම වියට්නාම් යයි ? ?

0
93

dayan lansaමීගමුවේ සංවර්ධනයට අදාලව කිසිදු දෙයක් නොකරන එහෙත් ඒ වෙනුවෙන් යැයි කියා විවිධ රටසවාරි යන නගර සභාවක් බවට මීගමුව මහනගර සභාව පත්වෙමින් තිබේ.
පසුගිය කාලය තුල ආණ්ඩුපක්ෂයේ මෙන්ම විපක්ෂයේද මන්ත්‍රිවරුන් රංචුවක්ම මැලේෂියාවට ගොස් තිබුනේ කුණු කසල කළමණාකරණය ගැන ඉගෙන ගන්නටය.
එසේ වුවද නගරය කුණු ගද ගස්සමින් මීගමුව තුල දිග්ගැස්සුන කුණු කසල ප්‍රශ්ණයේදි මේ බහුතරයක් මන්ත්‍රිවරුන් සිටියේ ගල උඩ කැත කළ බළලුන් සේය.
දැන් යළිත් වාර්ථා වන්නේ තවත් අපුරු කථාවකි.
මීගමුවෙ සියළු සම්පත් පවුලේ සුරසැප වෙනුවෙන් යොදවන ලංසා පවුලේ බාලයා වන දායන් ලංසා පසුගිය ගිය දිනක මීගමු ජනයාගේ බදුමුදල් වලින් වියට්නාම් යාමට සූදානම් වී තිබුණේ තිබුනේ පළාත් පාලනය ගැන ඉගෙන ගන්නටය.
පළාත් පාලන නියෝජිතයන්ගේ ජාතික  සංවිධානය වෙනුවෙන් නියෝජනය කරමින් සහභාගී වීමට   නා.මන්ත්‍රි දයාන් ලංසා මහතා සූදානම් වී ඇති අතර  අතර ඔහු   ජනවාරි මස 26 වනදා සිට 31 වනදා දක්වා  මේ ගමන සදහා  නිවාඩු ද අනුමතකරගෙන තිබේ.
මෙම අධ්‍යාපන වැඩසටහන සදහා සහභාගීවීමට සිදුකර ඇති ඉල්ලීම  නිල වශයෙන් අනුමත වි නොමැති වාතාවරණයක දයාන් ලාන්සා මහතා මෙම අවස්ථාවට සහභාගී වීමට සුදැනම් විම ගැන  ඇතැමුන් විමතිය පළකරති.
කෙසේ වෙතත් මෙම පුහුණුව පෙබරවාරි මාසයට කල්ගොස් ඇති බව වාර්තා වන අතර මේ සදහා අදාළ වියදම් ඇස්තමේන්තු මුදලක්ද මීගමුව නගර සභාවෙන් පාස් කරගෙන ඇති බවද කියැවේ .
රාජපක්ෂ පවුල් පාලනය අවසන්  කර ඇතත්  තවමත් පවුල් පාලනයේ වාසි ගනිමින් සුදුස්සන්ට සුදුසු තැන්වලට  නුසුදුස්සන්ට ලැබිම තවමත් අවසන් වී නොමැති  බවද මින් කියැවෙන්නේ  ?  මෙම වැඩසටහනට සහභාගී වීම සදහා ගුවන් ටිකට්පත් හා වෙනත් දීමනා සදහා මීගමුව නගර සභාව විසින් එක්ලක්ෂ අසූතුන්දාහක පමණ වියදමක් දරන්නට ද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here