පළාත් පාලන කොමසාරිස්වරියගේ තීන්දුවට එරෙහිව මීගමුවේ බිච්පාක් එක නැවතත් ලංසා පවුලට ?

0
47

beach park 1මීගමුවේ බිච් පාක් එක යනු දේශපාලන පොරපිටියේ හරි මැද සටනේ  තිරාණාත්මකම තැනකි.වත්මන් ඇමති නිමල් ලංසා විසින් එවකට මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායකවරයාව සිටි සමයේදි එදා පැවැති එක්සත් ජාතික පක්ෂ පාලනය සමය විසින් අති දූෂිත ආකාරයෙන් මීගමුවේ කුණු කසල ඉවත් කිරිමේ ටෙන්ඩරය ගැන තින්දු ගනිද්දි නිමල් ලංසා විසින් කිසිදු හිරිකිතයකින් තොරව එජාපේ මේ දුෂිත කුණු ටෙන්ඩර ගනුදෙනුවට අත්දෙකම ඔසවා ඡන්දය ලබා දි  තිබුණි.
ඒ සිය පියා වෙත මීගමුවේ බිච් පාක් එක ලබාදිමට එජාප සහය ලබාගැනිම වෙනුවෙනි.
එතැන් පටන් ඇරඹි මේ බිච් පාක් පාලනය ඇමති ලංසාගේ පියාගේ සල්ලි මවන යන්ත්‍රය බවට පත්විය.
වැසිකිලි පද්ධතිය සහ රථගාල පමණක් නිල වශයෙන් මීගමුව මහනගර සභාව ටෙන්ඩර කරනු ලබද්දි ලංසා පවුල මුළු වෙරළම ඔවුන්ගේ කරගෙන එහි යන එන වෙළදුන්ගෙන් ලක්ෂ ගණනක් මුදල් කප්පම් ගනිමින් මැණික් ඉල්ලමක් බවට පත් කරගෙන තිබුණි.
දශයකයකටත් වැඩි කාලයක් පැවැති මෙම බිච් පාක් ගණුදෙනුව පළමු වතාවට අභියෝගයකට ලක් කරනු ලැබ තිබුනේ මීගමුව මහනගර සභාවේ හිටපු කොමසාරිස්වරයා විසිනි.
ඒ මීගමුව මහනගර සභාවේ නිළ කාලය අවසන් යැයි රජය තින්දු කිරිමත් සමගින් හිටපු කොමසාරිස්වරයා කියා තිබුනේ මහසභාව විසින් 10% වැඩිකරමින් දැනට සිටින අයටම එකි ටෙන්ඩර ලබාදිමේ මහසභා තින්දුව නිවරදි නොවන බවය.
එැබැවින් එය යළිත් ටෙන්ඩර කළ යුතු යැයි ඔහු  කියා තිබුණි.,එයට විරෝධය පළකරමින් මීගමුවේ දේශපාලන අධිකාරිය විසින් ඔහුට තර්ජනය කොට ඔහුගේ සේවය තවදුරටත් මීගමුවට අවැසි නැතැයි කියමින් ගෙදර යවා තිබුණි.
ඉන් අනතුරුව ක්‍රියාත්මක වු පළාත් පාලන කොමසාරිස්වරිය මීගමුවේ ටෙන්ඩර මෙහෙයුම ගැන මීගමුව මහනගර සභාව වෙත ලිපියකින් දන්වා තිබුනේ 10% බැගින් වැඩිකර දිමට කටයුතු කරතිබුන ටෙන්ඩර සියල්ල 2015 දෙසැම්බර් 31 වෙනිදායින් පසුව නැවත ටෙන්ඩර කිරිමට පියවර ගත යුතු බවය.
කෙසේ වෙතත් මේ තින්දුවට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබු ඇමති නිමල් ලංසා සහ දයාන් ලංසා යළිත් මේ ටෙන්ඩර පෙර පැවැති අයටම දිය යුතු යැයි කියමින් ප්‍රබල දේශපාලකයන්ගේ කිපදෙනෙකුම හට ඇවිටිලි කර තිබුණි.
පසුගිය බ්‍රහස්පතින්දා පැවැති මහසභාවේදි මේ අය විසින් පළාත් පාලන කොමසාරිස්වරියගේ ලිඛිත නියෝගයට පිටින් යමින් පෙර පැවැති ටෙන්ඩර් කරුවන් හට එය ලබාදිමට තින්දුවක් ගෙන තිබුණි.ඒ තවදුරටත් බිච් පාක් එක ලංසා පවුලේ බුදලයක්ම කරගැනිමට ඉඩසලසා ගනිමිනි.