මීගමුවේ මාලිමා නගරාධිපති අපේක්ෂක කව්ද ? අර්බුද රැසක් එළියට ?

0
202

( 10.30 am ) මීගමුව මාලිමාවේ අර්බුද රැසක් මෙවර පළාත් පාලන මැතිවරණය මුලික කොට ගෙන මතුව ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.

විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මිගමු මෙහෙයුම්කරු ලෙසින් කටයුතු කරනු ලබන තැනැත්තාගේ ක්‍රියාකාලපය ගැන දැනටමත් විවේචන රැසක් මතුව තිබෙන බවද වාර්ථා වේ

මිගමුව මහනගර සභාව සදහා ඉදිරිපත් කිරිමට ජවිපෙ ප්‍රධානින් විසින් මේ වන  විට සැලසුම් කරමින් සිටිනවා යැයි කියන ඉතාමත් දුර්වල නගරාධිපති අපෙක්ෂකයෙකුට එරෙහිව මාලිමාවේ   ඇතුලතින්ම මේ වන විටත් ප්‍රබල විරෝධයක් මතුව ඇති අතර එය ඉදිරියේදි වඩාත් තිරණාත්මක අර්බුදයකට  පාර කපනු ඇත.කිසිදු ජන පදනමක් හෝ අරගලය ඉතිහාසයක් නැති මේ දුර්වල අපෙක්ෂකයා නිසා මිගමුව මාලිමාව මේ වන විටත් බෙදිල්ලකට යමින් තිබේ
මෙම යථාර්ථය මේ වන විටත් මිගමුවේ දේශපාලන කව අතර පවතින ප්‍රධාන සංවාදයක් බවට පත්ව තිබේ

මාලිමාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් මිගමුවේ දි ලබාදිමට මුලික වි කටයුතු කළ බහුතරයක් දේශපාලන ක්‍රියාකාරින් මේ වන විටත් දැඩි කලකිරිමකට පත්ව සිටින බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇති අතර එයට ප්‍රධාන හේතුව වි ඇත්තේ මිගමුවේ මාලිමාවේ ක්‍රියාකාරින්ගේ දේශපාලන යෝජනාවන් වලට එරෙහිව ඇතැම් ජවිපෙ නායකයින් කටයුතු කරන ආකාරය නිසා බවද කියැවේ .

මේ අර්බුදය බුද්ධිමත් ලෙසින් හසුරුවා නොගන්නේ නම් පසුගිය මැතිවරණ වලදි මිගමුවෙන් ලද මාලිමාවේ ජය ආපසු හැරවිමට තරම් පුපුරා යාමක් අතලග බවද  දැනටමත් ප්‍රසිද්ධියේ සාකච්ජා වන තත්වයක් නිර්මාණය වෙමින් තිබේ..

ජාතික ජන බලවේගයේ  ඇතැම් නායකයන්ගේ අත්නෝමතික හැසිරිම් ගැන මාලිමාව වටා  රොක්ව සිටින ක්‍රියාකාරින්ට දැඩි ගැටළුකාරි තත්වයක් නිර්මාණය කර ඇතැයි යන්න දැන් ප්‍රසිද්ධ දේශපාලන රහසක්ව පවති.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here