පළාත් පාලන මැතිවරණය සහ ගැටළු ගැන CMEV අවධානයට

0
137

WhatsApp Image 2025 03 05 at 14.02.21 d0968a78 WhatsApp Image 2025 03 05 at 14.02.21 e7a3ba67 WhatsApp Image 2025 03 05 at 14.02.20 cde04373පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය මූලික කරගෙන කොළඹ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය(CMEV) සංවිධානය කළ මැතිවරණ පාර්ශ්ව කරුවන්ගේ පළමු සාකච්ඡාව කටාන රතු කුරුස සමාජශාලා ප්‍රධාන කාර්යාලයේදී මාර්තු හතර වැනි දින පවත්වන ලදී.

පුරවැසියන් මැතිවරණ ක්‍රියාවලියෙහි නියැළීම සහ තොරතුරු වල බලපෑම් කේන්ද්‍ර කොටගෙන මෙම සාකච්ඡාව ආරම්භ විය. මැතිවරණ ක්‍රියාවලියට සියලු දෙනා සක්‍රීයව දායක කර ගැනීම උදෙසා කුමක් කළ යුතුද යන්න මෙහිදී සාකච්ඡා වූ ප්‍රධාන කරුණක් විය.
කාන්තාවන් තරුණයන්,හා ආන්තික පුරවැසි කණ්ඩායම් වඩාත් සක්‍රීයව මැතිවරණ ක්‍රියාවලියට දායක කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය හා වෙනත් වෙනස්කම් ගැන අදහස් කීපයක් මෙහිදී පළවිය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන පළමු රැස්වීම වනමෙහිදී ආබාධිතයන්ට සංක්‍රමණික ධීවරයන්ට බහු දින ධීවර යාත්‍රාකරුවන්ට ඡන්දය භාවිතා කිරීමේදී පවතින දුෂ්කරතා ඉදිරිපත්විය. තවද ග්‍රාම නිලධාරීන් ඡන්ද ලැයිස්තු සකස් කිරීමේ සිට ඡන්ද මධ්‍යස්ථානවල කරන සේවයේ දුෂ්කරතා තිබෙන බවට කරුණු දක්වමින් ග්‍රාම නිලධාරීන්ගෙන් සිදුවන අඩුපාඩු පිළිබඳවද පැමිණි පාර්ශ්වකරුවන් අදහස් දක්වන ලදී. ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පිහිටීම අනුව ඡන්ද දායකයන්ට ඡන්දය භාවිතා කිරීම සඳහා එතරම් යෝග්‍ය නොවන බවට අයෙක් කරුණු දැක්විය. ඇතැම් දේශපාලන පක්ෂ ඡන්ද දායකයන් දිනා ගැනීම සඳහා සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියා පිළිබඳව ද මෙහිදී අදහස් ප්‍රකාශ වූ අතර නිදහස් වෙළඳ කලාප වැනි ආයතන තුළින් එහි සේවක සේවිකාවන්ට සිය චන්දය භාවිතා කිරීම සඳහා අදාළ ප්‍රදේශවලට යාමේදී ඒ සඳහා තම ආයතන තුළින් අවසර ලබා ගැනීමේදී ගැටලු මතුවෙන බවත් එසේම ඡන්දය භාවිතා කිරීම සඳහා තම ගම් ප්‍රදේශවලට යාමට පවතින ප්‍රවාහන දුෂ්කරතා ගැනද මෙම සාකච්ඡාවට ඉදිරිපත්විය.

මෙම අවස්ථාවට ගම්පහ මැතිවරණ කාර්යාලයේ මීගමුව බාර නිලධාරි එම්.එන්.දිල්රුක්,නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙනුවෙන් තුසිත සිරිවර්ධන(පර්යේෂණ) ඩිලාන් විජේසේකර ( ක්ෂේත්‍ර කළමනාකරු,)
ජානක ජයවීර මෙම වැඩසටහන මෙහෙයවන ලද අතර දේශපාලන නියෝජිතයන්, මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ තරුණ කණ්ඩායම් මෙම අවස්ථාවට එක් වූහ.

රේමන්ඩ් අපෝන්සු 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here