පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මැයි 22 නිදහස් ?

0
44

මීගමුව ජුවෙල් ලංකා මංකොල්ලය පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ පම්පොරි සියල්ල බොරුවක් වෙමින් තිබේ.
මේ වන විට ඒ කොල්ලය පිළිබදව කිසිදු නිවරදි තොරතුරුක් හෙළිකර ගැනිමට පොලිසිය අසමත්ව ඇති බවක් පෙනේ.
මේ කොල්ලයේ මුදල් රැගෙන පලාගොස් ඇතැයි පොලිසිය සැකකරන ඇපල් රුවන් නැමත්තා විදේශ රටක සිටින බවත් ඔහු සිටිනා තැන දැන් පොලිසිය නිශ්චිතවම දන්නා බව මීගමුවේ උසස් පොලිස් නිළධාරියෙකු මාධ්‍ය හමුවේ පවසා සිටියේ මීට දෙසතියකටත් පෙරය.
එහෙත් ඇපල් රුවන් අල්ලාගත් බවක් නොපෙනේ.
කෙසේ වෙතත් ආයුධ අත දරා සිටින අයුරු මාධ්‍ය ඔස්සේ ලෝකයාට හෙළිදරව් වු හම්බන්තොට නගරාධිපතිවරයා තවමත් නිදැල්ලේය.
ආයුධයක් අතදරා සිටි බවට කිසිදු සාක්ෂියක් නැතිව මීගමුව ආසන සංවිධායක රොයිස් විජිත මහතා ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ රදවා තබාගෙන තිබේ.
මැයි 22 වනදා මේ රැදවුම් නියෝගයට තෙමසක් පිරෙනු ඇත.
රොයිස්ට එරෙහිව කිසිදු චෝදනාවක් හෝ ඊට සාක්ෂි හෝ ඉදිරිපත්කරගන්නට පොලිසිය තවමත් අසමත්ව සිටි.
කෙසේ වෙතත් රොයිස් විජිත මහතා එදා දිවුරුම් දිම සදහා පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍ය වෙත කිසිදු අදහසක් ප්‍රකාශ කරන්නට කිසිදු ඉඩක් ලබානොදිමට ඔහු වටකරගෙන සිටි පොලිසිය සියළු බලය යොදවා තිබුණි.
චෝදනා ගොනු කිරිමට පොලිසිය අසමත් නම් මැයි 22 වනදාට රොයිස් විජිත නිදහස් කළ යුතුය තිබේ ….?????
මේ අතර ත්‍රස්තවාදය වැලැක්විමේ පණත පිළිබදව පසුගිය දිනක පැවැති සංවාදයකදි නිතිඥ චන්ද්‍රපාල කුමාරගේ මහතා දක්වා සිටියේ මෙවැනි අදහසකි.

‛දකුණේ පාතාල නායක දෙවුන්දර චමීන්ට දින 90ක් රැඳවුම් නියෝග’ ඊයේ රිවිර පත්තරේ ප්‍රවෘත්තියක් ලෙස සඳහන් වෙනවා. මෙහිදී පොලීසිය කොළඹ මහේස්ත්‍රාත්වරයෙක්ගෙන් ඉල්ලලා තිබුණා දින 90ක රැඳවුම් නියෝගයක්. පත්තරේ තිබෙන විදිහට ඔහු පාතාලෙට සම්බන්ධ කෙනෙක්. ඒ කියන්නේ ඔහු කරලා තියෙන්නේ සාමාන්‍ය අපරාධ. මේ සාමාන්‍ය අපරාධත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගැනෙන අපරාධත් කියන්නේ වර්ග දෙකක්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවීම්වලට ලක්කරන්න නම්, ඒ පනත යටතේ තියෙන වැරදි කෙරෙන්න ඕනි. මෙහිදී දින 90ක් පොලීසියේ රඳවා ගන්න ඉල්ලීමක් කරල තියෙනවා. නමුත් මෙහෙම නීතියක් නෑ. පොලීසියට දින 90ක් රඳවා ගැනීමේ බලතල තිබුණේ හදිසි නීති රෙගුලාසි යටතේ. අද හදිසි නීති රෙගුලාසි නෑ ඒ නිසා දින 90 රඳවාගැනීම සඳහා නියම කරපු රෙගුලාසියක් අද ලංකාවේ නීතියේ නැහැ. ඒ කියන්නෙ මේක සම්පූර්ණයෙන් මේ රටේ නීතිය උල්ලංඝනය කිරීමක්.

rois hand cup