පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක, මහඅමැති බිරිඳට සුපිරි පුටුවක් දීලා..??

0
264

ඌව මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂගේ පුතෙක් ඩෙංගු රෝගය වැළදී අසාධ්‍ය තත්වයනේ  මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්ථා වේ.
මේ නිසා මුළු මීගමුව රෝහල කඩිනමින් ශුද්ධ පවිත්‍ර කෙරෙමින් තිබෙන අතර ප්‍රභූන් රැසක් රෝහල කරා එමින් සිටින නිසා ඇත්තේ  වෙනදා නැති කලබලයකි.
මේ සියල්ලටම වඩා කලබල වු තැනැත්තෙක් සිටියි
එනම් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකරවරයායි. මීගමුව රෝහලේ ළමා වාට්ටුවේ දරුවා ලඟ වාඩිවි සිටි මහ ඇමැති බිරිඳට සුවපසුවෙන් සිටින්නට පුටුවක් ලබාදෙන්නට ඔහු තීන්දු කළේය.
බරපැන මීගමුව රෝහලේ සුළු මුදල් පොතෙනි.
විධායක ශ්‍රේණියේ සුපිරි පුටුවක් මීගමුව දම්රෝ ආයතනයෙන් ඇනවුම් කෙරිණි. මිළ රු 31 000 කැයි රෝහලේ සියල්ලෝම දනිති.tumblr_mn8v2m7Oya1sonfnlo3_500
මේ පිබදවද අප කළ විමසුමකට පිළිතුරු දුන් වෛද අධිකාරි කාර්යාලයේ වෛද්‍යවරයෙක් පවසා සිටියේ
ඒ ගැන ගණාකාධිකාරිගෙන් විමසන ලෙසය.
එහෙත් අප කිප විටක්ම උත්සාහ කළද එහි සිටි නිළධාරිනියක් පවසා සිටියේ මෙයට පිළිතුරු දිම සදහා කිසිවෙකුත් එහි නැති බවය. පසුව අප රෝහලේ පරිපාලන නිළධාරිනියගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවය.එහෙත් සුපිරි පුටුවක් රෝහලට ගෙන ආ බව සියලලෝම දනිති.
දරුවෙකු අසාධ්‍ය තත්වයනේ පසුවන විට මවක් සොයන්නේ සැප පහසුව නොවේ.
මහ ඇමති බිරිඳට නොව ඕනෑම මවකට එය එසේය.
එලෙසින්ම ඒ මව ඒ පුටුව එපා යැයි ප්‍රතික්ෂේප කර ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග වල සදහන්ය.