ජපානයේ කුචිනාරෙබූ ජිම්මා දූපතේ විසූ පුද්ගලයන් 137 දෙනෙකු යි 28 වනසා හිදිසි තත්ත්වයක් හේතුවෙන් ආරක්ෂක තැන් කරා පිටත්විය. එයට හේතුව වූයේ අවදානම් තත්ත්වයක් දැනුම් නොදීම එම දූපතේ ඇති ”ෂින්දේක්” කන්දෙන් ගිනි කන්දක් මතුවිමට පටන් ගැනීමයි. පදිංචිව සිටි සියලූම ගම්වාසීන් මෙම දූපතින් ඉවත්වූ අතර එලෙස පලා යමින් සිටි කුඩා දරුවෙකු විසින් ගමන අතරවාරයේ දී මෙම ගිනිකන්ද ඇවිලෙන අයුරු වීඩියෝ කර තිබේ. සිය මව සමග වාහනයේ ගමන් කරමින් සිටින අතරවාරයේදී ඔහු විසින් මෙම අවස්ථාව වීඩයෝගත කර ඇති අතර මෙම වීඩියෝ දර්ශන පසුව ජපානයේ ජාතික මාධ්‍යන් විසින් උපුටු දක්වන ලදී. කෙසේ වෙතත් මෙම අවස්ථාව පළමුව වීඩියෝ ගත කර ඇත්තේ මෙම කුඩා දරුවා විසිනි.