ප්‍රජාතන්ත්‍රවාදී අරගල මඟහැරපු ,ඒවාට එරෙහි වුන සජිත් එක්ක මොන සිවිල් සන්ධානද?

0
20

සජිත් ප්‍රේමදාස කියන්නේ මේ රටේ රාජපක්ෂලට එරෙහිව දැවැන්තම සිවිල් සංවිධාන ක්‍රියාකාරිත්වයක් රටපුරාම ගොඩ නැගෙද්දි ඒකට පිටුපාපු චරිතයක්.

ඒ විතරක් නෙමෙයි නිදහසේ වේදිකාව සිය ක්‍රියාකාරිත්වයන්  දකු⁣ණ මුලික කරගෙන ක්‍රියාත්මක වෙද්දි ,ඒ පලාතට මනෝගනේෂන් වාගේ දෙමළ නායකයන් එනවට අකමැති වෙච්ච කෙනෙක්.

මේ ගැන අපට වඩා හොදින් දන්නේ මනෝ.

සජිත් එක්ක ඉන්න තවත් දේශපාලන පොරවල් නිද⁣හසේ වේදිකාවට දිස්ත්‍රික් වලදි කකුල් මාට්ටු දැම්ම.

පුත්තලම් දිස්ත්‍රික්කයේ නිරෝෂන්ල අප්පුහාමිල මේවට උදාහරණ.

එජපෙට එලියට බැහැල ප්‍රසිද්ධ රැස්විම් සංවිධානය කරගන්න බැරි කාලෙක නිදහසේ වේදිකාව රටපුරා බහුජන ක්‍රියාකාරිත්වයක් ගොඩනගල රාජපක්ෂලාට එරෙහි ජනතා බලය පාර⁣ට ගේනවා.

මේ විදියට රාජපක්ෂලව 2015 පරාජය කරපු බහුජන සටනට සජිත් හැමවේලාවෙම හිටියේ පස්ස හරව ගෙන .

දැන් සජිත්ව උඩදලා චරිත සහතික දෙන අජිත් පි පෙරේරලව මේව ගැන හොදටම දන්නව.

ඒ ව්තරක් නෙමේ 2018 සිරිසෙනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය වෙලාවේ සජිත් කොහෙද හිටියේ.

එදා රනිල්ව අරලිය ගහ මන්දිරෙන් කණෙන් ඇදල දානව කියල විමල්ල තර්ජනය කරද්දිත් රනිල් අල්ලන් හිටියා.හැබැයි සජිත් මේ සේරම දේවල් මඟහැරියා.

එහෙව් කෙනෙක් තමයි දැන් සිවිල් සංවිධානයවල හාල් කෑලි ටිකක් එකතු කරන් සන්ධාන හදනව කියල කියන්නේ.

කොටින්ම කියනව නම් සජිත්ගේ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න ඕන කියන නහරය උපතෙදිම කැපිල ගිහින් වගේ තත්වයකින් තමයි කටයුතු කරන්නේ.

එහෙව් කෙනෙක් කිරිඇල්ලල,හකිම්ල,මනෝල අජිත්, චරිත සහතික දෙ⁣නව වම් අයියෝ සාමි කියල තමයි කියන්න වෙන්නේ?