ප්‍රති ත්‍රස්ත පණතට විරෝධය පළකරමින් ක්‍රියාත්මක උතුරු නැගෙනහිර හර්තාලය සාර්ථකයි

0
302

 

අද (25) උතුරු නැඟෙනහිර ප්‍රදේශය පුරා ක්‍රියාත්මක වන මහා පරිපාලන වැඩවර්ජනයට දෙමළ පක්‍ෂ එකමුතුව කැඳවා තිබුණ අතර දිස්ත්‍රික් වෘත්තීය සමිති, පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, මහජනතාව ඇතුළු පූර්ණ සහයෝගය ලබාදී ඇති අතර, උතුරු නැගෙනහිර දිස්ත්‍රික් සියල්ලම සම්පූර්ණයෙන්ම අඩපණව ඇතැයි අප වාර්තාකරුවෝ පවසා සිටිති

 

මන්නාරම

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ශ්‍රී ලංකා රජය ගෙන ඒමට නියමිත නව ත්‍රස්ත මර්දන පනතට එරෙහිව මෙන්ම ,  දෙමළ මුස්ලිම් ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම, දෙමළ සහ මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශයේ නැගෙනහිර තණබිම්වල සිංහල ජනාවාස,ඇති කිරිම  ආගමික ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කොට ගෙන .අද (25) අඟහරුවාදා උතුරු-නැගෙනහිර හරහා හර්තාලයක් කැඳවා තිබුණි

 

යාපනය

මඩක

මඩකලපුව

දිස්ත්‍රික්ක සියල්ලේම  සියලුම වාණිජ මධ්‍යස්ථාන වසා දමා ඇති අතර පෞද්ගලික ප්‍රවාහන සේවාද අත්හිටුවා ඇත.ධීවරයින් රැකියාවට ගොස් නොතිබුන අතර  පාසලේ සිසුන්ගේ පැමිණීම ද අඩු මට්ටමක පවතින බව නිරීක්ෂණය විය.